බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මාතර, ගාල්ල සහ පුත්තලම දිස්ත්රික්කවලටත් තද වැසි ඇතිවීමේ අවදානමක් පවතින බැවින් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (15) පස්වරු 3.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (16) පස්වරු 3.00 දක්වා වලංගු වේ.
දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා අහස වලාකුළින් බරව පවතින අතර, බොහෝ ප්රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මාතර, ගාල්ල සහ පුත්තලම දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.













