දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින 2ක කාලය තුළදී ද තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමට පෙර පවතින මෙම කාලගුණික වෙනස්වීම් හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකිය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර තිබේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇති වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී. එම නිසා අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














