මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවති 2 වැනි ආසියානු පැරා ත්‍රෝබෝල් තරගාවලියේදී අනුශූරතාව දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (07) රාත්‍රී දිවයිනට පැමිණියේය.
ආසියානු කලාපයේ රටවල් හයක සහභාගීත්වයෙන් පසුගිය ජුනි 02 වනදා සිට 05 වනදා දක්වා මෙම තරගාවලිය පැවැත්විණි. ශ්‍රී ලංකා පැරා ත්‍රෝබෝල් කණ්ඩායමක් පසුගිය වසර එකහමාරක කාලය තුළ ලබා ගත් දෙවැනි ජාත්‍යන්තර ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයකි.
කණ්ඩායම ඊයේ රාත්‍රී 10.50 ට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 (MH-179) දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.
















