2026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති තීරණාත්මක තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් රැස් කළේය. නවසීලන්ත ඉනිම වෙනුවෙන් මෙලී කර් සහ සොෆී ඩිවයින් ලකුණු 45 බැගින් ලබාගත් අතර, පන්දු යැවීමේදී ශ්‍රී ලංකාවේ කවිෂ්කා දිල්හාරි කඩුලු 2ක් දවාගත්තාය.
ලකුණු 151ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 153ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගත්තේය. ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය කරා මෙහෙයවමින් නිලක්ෂි ද සිල්වා නොදැවී අගනා ලකුණු 54ක් රැස් කළාය. ඇයට අනගි සහයක් දුන් කෞෂිනි නූත්යාංගනා නොදැවී ලකුණු 24ක් ලබාගත් අතර, නායිකා චමරි අතපත්තු ලකුණු 27ක් රැස් කරමින් ජයග්‍රහණයට ශක්තියක් විය.
















