මැලේසියාවේදී පසුගියදා පැවැති ජාත්‍යන්තර අබකස් ගණිත තරඟාවලියෙන් (ABACUS L1B) ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට මැදවච්චිය අල්-මදීනා මුස්ලිම් මහා විදුහලේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුම්රි ෆාතිමා සුදා සිසුවිය සමත්ව ඇත. රටවල් 13ක් නියෝජනය කරමින් තරඟකරුවන් 3,500ක් පමණ සහභාගි වූ මෙම දැවැන්ත තරඟාවලියෙන් ඇය මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කර තිබේ.
ලංකාවට මහත් ආඩම්බරයක් ගෙන දුන් මෙම දියණිය ඇගයීම සහ උපහාර දැක්වීම වෙනුවෙන් අල්-මදීනා විදුහලේ විදුහල්පති එස්.කේ. උවයිස් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ ආදි ශිෂ්‍ය සංගමය එක්ව විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.
















