ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් මගීන්, භූමි සේවා සහ භාණ්ඩ හසුරුවාලීම සඳහා වන නව සේවා ගිවිසුම් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ඩුබායි ගුවන්තොටුපොළේ අදාළ සේවා සපයන එකම ආයතනය වන Dnata සමාගම අතර පැවති පෙර ගිවිසුම් කාලය අවසන් වීම හේතුවෙන් මෙම නව පත්වීම් සිදු කර ඇත.
ගුවන් මගීන් සහ භූමි සේවා හසුරුවාලීමේ කොන්ත්‍රාත්තුව 2026 අප්‍රේල් 1 දින සිට වසර 3ක කාලයක් සඳහා එක්සත් අරාබි එමීර් ඩිරාම් මිලියන 33.04ක ඇස්තමේන්තුගත පිරිවැයකට Dnata සමාගම වෙත පිරිනමා තිබේ. මීට අමතරව, භාණ්ඩ ගබඩා හසුරුවාලීමේ කොන්ත්‍රාත්තුව 2026 ජූලි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි වසර 3ක කාලයකට එමීර් ඩිරාම් මිලියන 7.6ක ඇස්තමේන්තුගත පිරිවැයකට එම සමාගමටම පිරිනැමීමට කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කර ඇත. මෙමගින් ඩුබායි සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වන ගුවන් ගමන් සහ භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂිතය.












