• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Stafford අපි Talent අති උත්කර්ශවත් ලෙස සිව්වන වරටත්

29 October 2019
in විලාසිතා

නවීනතම හොන්ඩා යතුරු පැදි හා මෝටර් රථ – ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ බලයලත් අලෙවි නියෝජිත සී/ස ස්ටැෆර්ඩ් මෝටර්ස් (පුද්.) සමාගම විසින් එහි සේවකයින්ගේ සෞන්දර්යය රසාස්වාදය ඉහළ නැංවීම උදෙසා වාර්ශිකව සංවිධානය කරනු ලබන Stafford Api Talent – Season 04 රියැලිටි තරගාවලිය සහ ඊට සමගාමීව පැවැත්වෙන සුහද හමුව මෙවරත් පිට පිට සිව්වන වරට පසුගිය සැප්තැම්බර් 21 වන දින කොළඹ Taj Samudra හෝටලයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

සී/ස ස්ටැෆර්ඩ් මෝටර්ස් (පුද්.) සමාගම හි කළමනාකාර අධ්‍යෂකවරයාග් සංකල්පයකට අනුව 2016 වසරේදී ප්‍රථම වරට මෙම රියැලිටි වැඩසටහන සංවිධානය වූ අතර, දෛනික රාජකාරි කටයුතු වලින් ඔබ්බට වූ තම සේවක පිරිසගේ දක්ෂතා එලි දැක්වීමට වේදිකාවක් තනා දීම මෙතුමාගේ මූලික අරමුණ විය.

ස්ටැෆර්ඩ් සුබසාධක සංගමයේ සභාපති දමිත ජයසුන්දර මහතගේ විසින් සංවිධානය කළ Stafford Api Talent – Season 04 සදහා 700 කට ආසන්න ස්ටැෆර්ඩ් පවුලේ සාමාජික සාමාජිකාවන් සහභාගී වූ අතර ගායන, වාදන, නාට්‍ය, නර්තන, නව නිර්මාණ සහ Mobile Star යන අංශ 6 කින් මූලික වටයන්හිදි දක්ෂතා දැක්වූ තරගකරුවන් හට අවසන් මහා තරගයට තම දක්ෂතා ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා වී තිබිණි.

මාධව විජේසිංහ හා සචිනි නිපුන්සලාගේ නිවේදන ශක්තියෙන් අලංකාරවත් වූ මෙම තරගාවලියේ මහේෂ් දෙනිපිටිය, ශමිලා දැදිවල සහ පේෂල මනෝජ් ප්‍රවිනයන් විනිශ්චයෙන් දායක වූ අතර ජයග්‍රහකයන් තෝරා පත් කර ගැනීමේදී, දෙන ලද කාලය තුළදී තරගකරුවන් ලබා ගත් SMS මනාප මෙන්ම විනිශ්චයකරුවන් විසින් ලබා දුන් නිර්දේශයන්ද සැලකිල්ලට ගනු ලැබිණි.

ජයග්‍රහකයන් වෙනුවෙන් වටිනා කුසලාන හා ත්‍යාග ලබාදීමට මෙහිදී කටයුතු සූදානම් කර තිබුනි. ලබන වසරේදී තවත් නැවුම් අත්දැකීමක බලාපොරොත්තුව සහිතව මේ වසරේ Stafford අපි Talent නිමාව මෙලෙස සනිටුහන් වුනි.

 

 

Post Views: 17
Previous Post

දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය පටු දේශපාලන අරමුණු ඉටු කරගන්න දෙන්නේ නෑ – අධ්‍යාපන ඇමැති කියයි

Next Post

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 31 වනදා මහනුවරදී එළිදක්වයි

editor

editor

Next Post

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 31 වනදා මහනුවරදී එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved