27 April 2024
#දේශීය

පාස්කු ප්‍රහාරය සම්බන්ද වාර්තාව කතෝලිකයින්ට ඉදිරිපත් කරන්න – ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කල ජනාධිපති කොමිෂන් වාර්තාව කතෝලිකයින්ට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමයේ සභාපති ගරු වින්සන්ට් ජේ.ප්‍රනාන්දු පියතුමන් පවසයි.

උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දින 214 ක කාලයක් පටන් සිදු කල විමර්ශන වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බවත් එය කාදින්ල් තුමා වෙත ලැබීමට සලස්වා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වාද විවාද ඇති කර ගැනීමට හැකියාව ඇති අතර එය නීතිපතිට භාර දීමක් සිදු කල යුතු බව හෙතෙම පැවසිය. අවසානයේ එය අධිකරණයට ඉදිරිපත් කර වරදකරුවන්ට දඩුවම් ලැබෙනු ඇති බව අප බලාපොරොත්තු වෙන බව හෙතෙම පැවසිය. නමුත් එය පිලිපැනීමක් සිදුව ඇති බව උන්වහන්සේ කියා සිටියේය. විශේෂයෙන් වින්දිතයින්ට දඩුවම් දිය යුතු බව වින්සන්ට් ජේ.ප්‍රනාන්දු පියතුමන් වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *