• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කර්මාන්තකරුවන්ගේ දෑත් ශක්තිමත් කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න පවසයි

14 September 2020
in ව්‍යාපාර

තමාට අවශ්‍ය වන්නේ සියළු කර්මාන්තකරුවන්ගේ දෑත් ශක්තිමත් කිරීමට හා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බව ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 11 වනදා දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම සේවය කරනු ලබන විද්‍යා හා තාක්ෂණ (විදාතා) නිලධාරීන්ගේ හමුවක් බත්තරමුල්ල, සුහුරුපායේදී පැවැති අවස්ථාවේදීය.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය. “පසුගිය දිනවල ක්ෂේත්‍රයේ මා කළ සංචාර හා සාකච්ඡාවලින් මට තේරුම් ගිය කරුණු කාරණා කීපයක් කියන්න පුළුවන්. ගමේ සිටින සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන කර්මාන්තකරුවන් තම නිෂ්පාදනයන්ට අමුද්‍රව්‍ය නැතිව , නවීන තාක්ෂණය නැතිව සහ වෙළඳපලක් නැතිව විශාල ගැටළුවකට මුහුණදී සිටින බව මට පැහැදිලි වුණා. ඔබත් ඒ බව පිළින්නවා ඇතැයි මා විශ්වාස කරනවා. ඒ නිසා මට අවශ්‍ය වන්නේ ඔබගේ දැනුම, අත්දැකීම් සම්භාරය, සහයෝගය, කැපවීම පමණක් නොව ඔබගේ අදහස් හා යෝජනාත් මා හට අතිශයින්ම වැදගත් වෙනවා. මොකද මට අවශ්‍ය වන්නේ සියළු කර්මාන්තකරුවන්ගේ දෑත් ශක්තිමත් කිරීමටයි. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටයි.

වියට්නාමය මැටි කර්මාන්තයෙන් මැටි ගම්මාන හරහා ජාත්‍යන්තර වෙළඳපල ජයගනිමින් රටට විදේශ විනිමය ගෙනත් දෙනවා, චීනය උණ බට වලින් විශාල නිෂ්පාදනයන් හා කර්මාන්තයන් ජය ගෙන තිබෙනවා. දැනට අපේ රටට අවශ්‍ය වේවැල්වලින් වැඩි ප්‍රමාණයක් ගෙන්වන්නේ මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් වලින්. වේවැල් පදම් කිරීමට නිවැරදි තාක්ෂණික ක්‍රමවේදයක් යොදා නොගැනීම නිසාත්, ඒ සදහා දැනුමක් නොමැතිකම නිසාත් අපේ නිෂ්පාදනවල අගය අඩු වී තිබෙනවා. නවීන තාක්ෂණය යොදා ගනිමින් හොද වේවැලක් කර්මාන්තකරුවන්ට ලබා දීමට ඔබගේ සහයෝගය සහ ඔබගේ යෝජනා මට අවශ්‍යයි.

එසේම බුද්ධිමත් ඔබට පුළුවන් තනිව හෝ කණ්ඩායම් වශයෙන් නව යෝජනා සෘජුවම මා වෙත ඉදිරිපත් කරන්න. ඔබ සමඟ සාකච්ඡා කොට එම යෝජනා රටට දායාද කිරීමට මම පසුබට වන්නේ නැහැ. ඒවගේම අවසාන වශයෙන් ඔබගේ රාජකාරි ගැටළු, උසස්වීම් පිළිබඳව ඔබ සමඟත් නිලධාරින් සමඟත් සාකච්ඡා කර, එවා හදුනා ගනිමින් ඒ පිළිබඳ අවශ්‍ය වැඩපිළිවෙලවල් සකස් කිරීමට මා බලාපොරොත්තු වෙනවා”. යැයි රාජ්‍ය අමාත්‍ය වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් විජිත බණ්ඩාර මහතා, විදාතා ආයතනයේ සහකාර ලේකම් සමන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් දෙසීයකට වඩා වැඩි පිරිසක් සහභාගී විය.

Post Views: 12
Previous Post

අංගසම්පූර්ණ අලුත් ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි – මහාචාර්ය ජී එල් පීරිස්

Next Post

මෙරට 13 වන කොවිඩ් මරණය වාර්තා වේ

editor

editor

Next Post

මෙරට 13 වන කොවිඩ් මරණය වාර්තා වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved