• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙහෙයුම් පුළුල් කිරීමට පියවර ගැනේ

29 May 2021
in දේශීය

කොවිඩ් රෝගීන් වෙනුවෙන් සීදුව බ්‍රැන්ඩික්ස් ග්‍රීන් ප්ලාන්ට් ආයතනයේ ආරම්භ කල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙහෙයුම් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එහි නිරීක්ෂණයට එක්වෙමින් කටයුතු කළාය.

යුධ හමුදා සේවා වනිතා ඒකකය සහ යුධ හමුදාව එක්ව සකස් කරන ලද මෙහි ඇදන් ධාරිතාව 1200කි. ඒ සදහා ස්ථානගත කළ යුතු වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය සහ සුළු සේවක කාර්ය මණ්ඩලය පිළිබදව අවධානය යොමු කල රාජ්‍ය අමාත්‍යවරිය සමීප රෝහල්වල කාර්ය මණ්ඩල මේ සදහා යොදා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරන ලදි. රාගම රෝහලේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරේ.

සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගී සත්කාර සේවාව (Patients Care), රෝගීන් හැසිරවීම (Patients Handling), වාට්ටු කළමනාකරණය (Ward Management) හදිසි සේවා කළමනාකරණය (Emergency Care Management) ආදිය පිළිබදවද වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කළ රාජ්‍ය අමාත්‍යවරිය ඒ සදහා අවශ්‍ය උපදෙස් දෙමින් එහි සියළු අංශ නිරීක්ෂණය කිරීමටද කටයුතු කළාය. කොවිඩ් 19ට එරෙහිව සටන් කිරීම සදහා යුධ හමුදා සේවා වනිතා ඒකකය සහ යුධ හමුදාව එක්ව මෙම ස්ථානය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය පුදකිරීමටද රාජ්‍ය අමාත්‍යවරිය කටයුතු කරන ලදි.

මෙම අවස්ථාවට යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය, සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රසික ලියනගේ මහතා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ යුධ හමුදා නිලධාරීන් එක්විය.

Post Views: 13
Previous Post

නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී ජනතාව අපහසුතාවයට පත් නොකල යුතුයි – පොලිස්පතිගෙන් උපදෙස්

Next Post

රටේ සියළුම දෙනාට ඉදිරි මාස තුනදී වැක්සින් එක ලබා දෙනවා – ඇමැති කෙහෙලිය

editor

editor

Next Post

රටේ සියළුම දෙනාට ඉදිරි මාස තුනදී වැක්සින් එක ලබා දෙනවා - ඇමැති කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved