ගම්පහ පොලිස් වසමේ පෙතියාගොඩ ප්‍රදේශයේදී ඊයේ (15) දින උදෑසන සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ. ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 204ක් සහ මිලිග්‍රෑම් 400ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබූ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පෙතියාගොඩ ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය ඉදිරි විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














