• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ අක්‍රමිකතා නතර කරන්න – ජනපති

28 December 2020
in දේශීය

ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කරයි.

දේශීය ගොවීන් කහ සහ බඩඉරිඟු වගාව ඉතා සාර්ථකව පුළුල් කර ඇති අතර ඉදිරි මාස් කන්නයේ අස්වනු නෙලීම ආසන්නව පවතී.

ඒ අනුව ගොවීන්ට සාධාරණ මිලක් හිමිවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. වෙළෙඳුන් තොග රැස් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට රජය පූර්ණව මැදිහත්විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

2021 සහ 2022 මාස් කන්න සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් බීජ රැස් කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැවසිය. කූට ව්‍යාපාරිකයින් නීති විරෝධී ලෙස ආනයනය කරන කහ තොග විනාශ කරන්නැයි එතුමා නියෝග කර තිබේ.

අක්‍රමිකතාවන්හි නිරත වන ව්‍යාපාරිකයනට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට උපදෙස් දි ඇත.

මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කෙරිණ.

කහ, බඩඉරිඟු මෙන්ම කව්පී, උඳු, මුංඇට, තල, කුරහන් ආදී ධාන්‍ය තොග රැස් කරන්නන්ට ණය දීම වෙනුවට පුළුල් වෙළෙඳපොළක් සහතික කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ව්‍යාපාරිකයන් හඳුනා ගනිමින් ණය මුදල්වලට සරිලන භාණ්ඩ තොග තොරතුරු පවත්වා ගන්නා ලෙස බැංකුවලට උපදෙස් දෙනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකුව සිය අධීක්ෂණ කාර්යයන් සංවර්ධන මූල්‍ය සම්පාදනයට යොමු කළ යුතු බවද රාජපක්ෂ මහතා විසින් දැනුම් දී තිබේ.

සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ගොවි ජන සේවා කොමසාරිස්වරුන් සහ ක්ෂේත්‍ර මට්ටමේ සියලු නිලධාරීන් ගොවි අස්වනු සාර්ථකව මිලදී ගෙන ගොවි ජනතාව ශක්තිමත් කළයුතුය. එමෙන්ම සේනා දළඹු උවදුර වැනි කෘමීන්ගෙන් වන හානි වළක්වා ගැනීමට අවධානයෙන් සිටින ලෙසත් ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

Post Views: 4
Previous Post

නෙඩුන්තිව් වැවට ඉස්සන් පැටවුන් ලක්ෂ 11ක් මුදාහැරියි

Next Post

මෙරට කොරෝනා ආසාදිතයින් 41,000 ඉක්මවයි

editor

editor

Next Post

මෙරට කොරෝනා ආසාදිතයින් 41,000 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved