• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ මහනගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය අතර ඇති කඹ ඇදිල්ල නතර කරන්න – ඇමති ප්‍රසන්න

30 October 2023
in දේශීය

අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට තෝරාගෙන ඇති එළුමඩුව හා මස්මඩුව ඉඩම් දෙකේ අයිතිය සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය අතර ඇති කඹඇදිල්ල වහාම නතර කර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දෙපාර්ශවයේම නිළධාරීන්ට ඊයේ (28) උපදෙස් දුන්නේය.

එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ අදාළ කාරණය සම්බන්ධයෙන් දෙපාර්ශවයම සාකච්ඡා කර අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලෙසයි.

එවිට ආයතන දෙකටම තම තමන් සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන එළුමඩුව හා මස්මඩුව ඉඩම් දෙකෙහි අයිතිය පැවරී තිබුණේ කොළඹ මහනගර සභාවටය.

නමුත් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ඉඩම් දෙක නාගරික සංවර්ධන අධිකාරී විසින් 2019 වසරේදී තම ආයතනය යටතට පවරාගෙන තිබුණි. ඒ නාගරික සංවර්ධන අධිකාරී පනතේ 50 වැනි වගන්තිය ප්‍රකාරවය.
මෙයට එරෙහිව කොළඹ මහ නගර සභාව අධිකරණ ක්‍රියාමාර්ග වලට එළඹ තිබුණි.

එහිදී අධිකරණය විසින් උපදෙස් දී තිබුණේ ආයතන දෙකම රජයේ ආයතන බැවින් අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙසටයි. අදාළ නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර මතුව ඇති ගැටලු විසඳා ගන්නා ලෙස චීන රජයද උපදෙස් දී තිබුණි.

ඒ අනුව අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සදහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයාපෝර්ස් රොෂාන් ගුණතිලක මහතාගේද සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී ඊයේ (28) පැවැත්විණි.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ රාජ්‍ය ආයතන අතර සිදුවන මතගැටූම් හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති බොහෝ සෙයින් ප්‍රමාදවන බවයි. ඇතැම් විට මෙවැනි මත ගැටුම් හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති රටට අහිමිව යන බවද හෙතෙම පෙන්වා දුන්නේය. එවිට එම චෝදනාව එල්ලවන්නේත් දේශපාලන අධිකාරියටය.

එවැනි ක්‍රියා හේතුවෙන් රටට මෙන්ම ජනතාවටද සිදුවන දැඩි අසාධාරණයක් බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කළේය. රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ මහජනතාව වෙනුවෙනි. එබැවින් නීති, අණ පනත් හා රගුලාසි වල සිර නොවී මහජනතාවට වාසි සැලසෙන අන්දමින් රාජ්‍ය ආයතතන කටයුතු කළ යුතු බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේය.

චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1996ක ඉදිකෙරේ. ඒ සඳහා මහජන චීන සමූහාණ්ඩුව යුවාන් මිලියන 552ක මූල්‍යාධාර ලබාදීමට නියමිතය. මින් නිවාස 500ක් පමණ ඉදිකෙරෙන්නේ කොළඹ මහනගර සභාව සතු මස්මඩුව හා එළුමඩුව ඉඩම්වල මෙම නිවාස ඉදිකිරීමට නියමිතය. ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මතුවූ ගැටළු හේතුවෙන් මේ වනවිට නාගරික සංවර්ධන අධිකාරිය හා කොළඹ මහනගර සභාව අතර කඹ ඇදීමක් හටගෙන තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම නිවාස 1996න් නිවාස 108ක් මෙරට කෘතහස්ත කලාකරුවන් වෙනුවෙන් වෙන් කෙරෙන බවයි. එම නිවාස කොට්ටාව පළතුරුවත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතය.

අනෙකුත් නිවාස පෑලියගොඩ, දෙමටගොඩ, මහරගම හා මොරටුව ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

මෙහිදී මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන බදු මුදල්, ඉඩම් අත්පත් කර ගැනීමට වැයවන පිරිවැය, ඉඩම් සංවර්ධනයට වැයවන පිරිවැය නිර්මාණ කටයුතු සහ මූලික මිල ගණන් පත් සැකසීම සඳහා පිරිවැය, ටෙන්ඩර් කටයුතු සඳහා පිරිවැය සහ අපරව්‍යුහ පහසුකම් සඳහා වැයවන පිරිවැය දැරීම ශ්‍රී ලංකා රජය විසින් සිදුකරනු ලබයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසන්නේ ඉදිරියේදී චීනයේ බීජිං නුවරදී පැවැත්වෙන “සහයෝගීතාවය සඳහා වන මාර්ග මුල පිරීම” (BRI) සමුළුව අතරතුරදී නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීම සිදුවන බවයි.

Post Views: 9
Previous Post

රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය ලෝක බැංකු නියෝජිතයින්ගේ නිරීක්ෂණයට

Next Post

14 වැනි ආසියානු අපරාධ විද්‍යා සමුළුව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේදී පැවැත්විණ

editor

editor

Next Post

14 වැනි ආසියානු අපරාධ විද්‍යා සමුළුව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේදී පැවැත්විණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved