• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නවෝත්පාදන කර්මාන්ත නිමැවුම්වලට පාසල් දරුවන් යොමු කළ යුතුයි

24 June 2018
in සංවර්ධන

කර්මාන්ත ක්‍ෂේත්‍රයේ නවෝත්පාදන දිරිගැන්වීම සඳහා එම දැනුම පාසැල් සිසුන්ගේ ද්වීතීක අධ්‍යාපන මට්ටමට ඇතුළත් කිරීමට පියවර ගත යුතු බව කර්මාන්ත හා වාණිජ කටුයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන මාධ්‍යස්ථානයේදී “INCO 2018” (ඉන්කෝ 2018) කර්මාන්ත ප්‍රදර්ශනයේ දෙවන දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

සිසුන් නිර්මාණය කරන නවෝත්පාදනයන්ට ත්‍යාග හා සම්මාන ලබා දෙමින් දිරිගැන්වීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය “ පසුගිය වසර 15 පුරාම INCO ප්‍රදර්ශනය මඟින් අපේ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ සුවිශේෂී සංවර්ධනයක් මෙන්ම නවෝත්පාදනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සුවිශාල මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. මෙම INCO ප්‍රදර්ශනය අනාගතයේදී ආසියාවේ ප්‍රධානතම කාර්මික ප්‍රදර්ශනය බවට පත් වෙන බව මම කර්මාන්ත ඇමතිවරයා ලෙස විශ්වාස කරනවා. ඒ වගේම මෙම INCO ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර – ව්‍යාපාර අතර පවතින පෙරමුණේම තිබෙන ප්‍රදර්ශනයක් ලෙසත් හඳුන්වන්න පුලුවන්. ඒ වගේම මෙම ප්‍රදර්ශනය මඟින් අපගේ ව්‍යාපාර සඳහා නවෝත්පාදක සහ නව තාක්ෂණය භාවිතා කරන ආකාරය ගැන අත්හදා බැලීමටත් පුලුවන්. අපගේ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ සංවර්ධනය සඳහා නව නිෂ්පාදන, නව තාක්ෂණය, නව නිර්මාණ වැනි නවෝත්පාදන අවශ්‍ය වෙනවා. ඒ වගේම නිපුණතාවයෙන් යුත් ව්‍යවසායකයින්ද අපගේ කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපගේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇති කර තිබෙන ආර්ථික සංවර්ධන සැලැස්ම ඉතා වැදගත් වෙනවා.

2017 ගෝලීය නවෝත්පාදක දර්ශකයේ 90 වැනි ස්ථානය අපේ රටට ලැබිලා තියෙනවා. එය ලෝකයේ අනෙකුත් රටවල් සමඟ බලන විට අඩු අගයක් වෙනවා. ඒ නිසා එය ඉහළට නැංවීම සඳහා අප ක්‍රියා කළ යුතු වෙනවා. ඒ සඳහා අපි පාසැල් පද්ධතිය තුළින් අධ්‍යාපනයට මේ නවෝත්පාදන සංකල්පය ඇතුළත් කිරීමට පියවර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම මෙම INCO ප්‍රදර්ශනය තුළින් අපගේ නවෝත්පාදන නිෂ්පාදකයින්ට තම ඉලක්කගත වෙළෙඳපොළට යාමටත්, තම සන්නාම නාම දැනුවත් කිරීමටත් හැකි වෙනවා. මෙම වර්ෂයේ INCO ප්‍රදර්ශනය තුළින් ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ ස්වරූප 07 ක් ගැන දැනුවත් කෙරෙනවා. එම නිසා ඒ දැනුම අපගේ ව්‍යාපාර සංවර්ධනය කර ගැනීමට හෙතු වෙනවා. ඒ වගේම දේශීය හා විදේශීය ආයෝජකයින්ට වාර්ෂිකව ඔවුන්ට ගැලපෙන නිෂ්පාදකයින්, සැපයුම්කරුවන් හමුවීමට වගේම වෘත්තිකයන් හා බෙදාහරින්නන් හමු වීමටත්, භාණ්ඩ හා ‍සේවා ප්‍රවර්ධන කිරීමටත් අවස්ථාව සැලසෙනවා.” යැයි පැවසීය.

මෙම අවස්ථාවට INCO 2018 ප්‍රදර්ශනයේ සභාපති ඉංජිනේරු බී.එස්. පෙරේරා, මාග ආයතනයේ සභාපති ඉංජිනේරු කපිතාන් එම්.ඩී. කුලරත්න, ඉන්කෝ ප්‍රදර්ශන ව්‍යාපාතියේ සභාපති ඉන්ජිනේරු සුසන්ත පෙරේරා මහත්වරු ඇතුලු පිරිසක් සහභාගී විය.

Post Views: 14
Previous Post

මංගල කලබල වෙලා – විමල් කියයි

Next Post

පිරිසිදු නායකයෝ අපේ පක්ෂයේ ඉන්නේ

editor

editor

Next Post

පිරිසිදු නායකයෝ අපේ පක්ෂයේ ඉන්නේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved