කළුතර උතුර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මත්පෙති 600ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන පවත්වන අතර, ඔහු මෙම මත්පෙති ජාවාරම් කිරීම සඳහා රැගෙන ආවේද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මකයි. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ප්‍රදේශය පුරා මෙවැනි වැටලීම් දැඩි කර ඇති බව ද පොලීසිය සඳහන් කරයි.















