ගාල්ල, දංගෙදර ප්‍රදේශයේදී ඉකුත් 12 වැනි දින පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා, ඊයේ (29) දහවල් බණ්ඩාරගම පොලිස් වසමේ මිල්ලගහ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 810ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
















