• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධ්‍යාපන අමාත්‍යාංශය මිලදීගත් ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක පළදායී ලෙස යොදවා නෑ – කෝපා කමිටුව

23 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2019 වර්ෂයේදී රුපියල් බිලියන 3.4ක් වැයකොට උසස්පෙළ සිසුන් හා ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මිලදීගත් ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක පලදායී ආකාරයෙන් යොදවා නොමැති බව කෝපා කමිටුවේදී අනාවරණය වී ඇත.

මේ පිළිබඳ අනාවරණය වූයේ පසුගිය 20 වනදා අධ්‍යාපන අමාත්‍යාංශයේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී අනාවර්ණය වූයේ ඇතැම් ටැබ් පරිගණක වගකීම් කාලය අවසන් වන තුරුද බෙදා දී නොමැති බවයි. එසේම වර්තමානය වන විට බෙදාහරින ලද ටැබ් පරිගණක වලින් වැඩි ප්‍රමාණයක් නිෂ්කාර්යව පවතින බවත් එසේම යම් ප්‍රමාණයක් අස්ථාන ගතව පවතින බවත් මෙහිදී අනාවරණය විය. තවද මෙම ටැබ් පරිගණක සාදාරණ ආකාරයෙන් බෙදාහැර නොමැති බවද මෙහිදී හෙලි විය.

මේ අනුව සැප්තැම්බර් 26 වැනිදාට පෙර මේ පිළිබඳ පූර්ණ විස්තර සහිත වාර්තාවක් කෝපා කමිටුවට ලබාදීමට නිර්දේශ කළේය.

අධ්‍යාපන කළමනාකරණ දත්ත පද්ධතිය (NEMIS) වෙනුවෙන් 2013 හා 2014 වර්ෂ වලදී රු. මිලියන 64 වියදම් කළද ප්‍රමාණවත් දත්ත එහි අන්තර්ගත නැති බවද මෙහිදී අනාවරණය විය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙහි ගුරුවරුන් පිළිබඳ දත්ත අන්තර්ගත වන බවත් ළමුන් පිළිබඳ දත්ත අන්තර්ගත වන්නේ වෙනත් පද්ධතියක බවත්ය. එසේම මෙම පද්ධතිය යාවත්කාලීන වීමේ දුර්වලතාවක් පවතින බවද පැවසීය.

මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේ මෙහි පවතින දත්ත ප්‍රමාණවත් නොමැති බවයි. මේ නිසා මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සොයා බැලීමට ජූලි 07 වැනි දින මේ සම්බන්ධ සියලු පාර්ශ්වයන් කෝපා කමිටුවට කැදවන බවයි.

එසේම උසස් පෙළ සිසුන්ගේ පාසැල් පැමිණීමේ ප්‍රතිශතය අවම මට්ටමක පැවතීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මේ අනුව මේ පිළිබඳ 2020 වර්ෂයේදී පර්යේෂණයක් සිදු කොට නිර්දේශ 15 ක් ලබාදී ඇති බව නිලධාරීන් පෙන්වා දුන්නේය. මෙහිදී කමිටුව පැවසුවේ අද වන විට පවතින තත්ත්වය මීට වඩා වෙනස් වන බැවින් මෙම නිර්දේශ තවදුරටත් යාවත්කාලීන විය යුතු බවයි.

හඳුනාගත් රාජකාරියක් නොමැතිව ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ කාර්යාලයට කාර්යාල සහායකයෙකු පත්කොට 2007 වසරේ සිට 2021 දක්වා වසර 13ක් වෙනුවෙන් රු. 60,639,544 ගෙවීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ අතර මෙම ගෙවීම් සිදු කොට ඇත්තේ කැබිනට් අනුමතියකින් බව පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව මෙම තනතුර 2021 දෙසැම්බර් 31 දින සිට බලාත්මක වන පරිදි 2022 ජනවාරි 25 දින අහෝසි කොට ඇති බවත් මෙහිදී සඳහන් විය. කෙසේවෙතත් මෙම නිලධාරිනිය මෙම තනතුරු අහෝසි කිරීමට විරුද්ධව එරට නීතිය යටතේ නඩුවක් ගොනු කර තිබූ බවත් වන්දි ලෙස යූරෝ 30898.56 ක් ඉල්ලා ඇති බවත් මෙහිදී සඳහන් විය.

මේ අනුව මේ පිළිබඳ වාර්තාවක් සතියක් ඇතුළත කෝපා කමිටුවට ලබාදීමට නිර්දේශ කළේය.

එසේම පිරිවෙන් අධ්‍යාපනයේ ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. තවද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, කේ. කාදර් මස්තාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා, අශෝක් අබේසිංහ, ජයන්ත කැටගොඩ, සිවඥානම් ශ්‍රීතරන්, හෙක්ටර් අප්පුහාමි, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, මුදිතා ප්‍රිශාන්ති සහ මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Post Views: 13
Previous Post

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අනාගත සහයෝගීතාව සඳහා ක්‍රියාකාරී සැලැස්මක්

Next Post

පොසොන් ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසහන අනුරාධපුරයේදී සාර්ථකව අවසන්වෙයි

editor

editor

Next Post

පොසොන් 'මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම' වැඩසහන අනුරාධපුරයේදී සාර්ථකව අවසන්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved