තායිවාන ජනාධිපති ලායි චිං-ටේ (Lai Ching-te) ගේ ගුවන් යානයට තම ගුවන් සීමාවන් භාවිත කිරීමට අවසර ලබා නොදුන් අප්‍රිකානු රටවල් තුනක් අගය කිරීමට චීනය අද (22) පියවර ගෙන තිබේ. චීනයේ මෙම මැදිහත්වීම හේතුවෙන් ජනාධිපතිවරයාට සිය අප්‍රිකානු සංචාරය අවලංගු කිරීමට සිදුව ඇති අතර, තායිවානය මෙම තත්ත්වය දැඩි ලෙස හෙළා දැක ඇත.
ජනාධිපති ලායි චිං-ටේ මේ සතියේ එස්වාටිනි (Eswatini) රාජ්‍යයේ සංචාරය කිරීමට සැලසුම් කර තිබුණද, ගුවන් ගමන් මාර්ගයට අයත් රටවල් කිහිපයක් අවසර ලබා නොදීම නිසා එම ගමන නතර කිරීමට සිදුවිය. තායිවාන ජනාධිපතිවරයෙකුට ගුවන් සීමා අවහිර වීම හේතුවෙන් විදේශ සංචාරයක් අවලංගු කිරීමට සිදුවූ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ. තායිවාන රජය චෝදනා කරන්නේ චීනය විසින් අදාළ රටවලට බලපෑම් කරමින් මෙම අවහිර කිරීම සිදු කර ඇති බවයි. කෙසේ වෙතත්, චීනය පවසන්නේ “එකම චීනයක්” යන සිය ප්‍රතිපත්තියට ගරු කරමින් එම රටවල් ගත් තීරණය ඉතා ප්‍රශංසනීය බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් ද සිය කනස්සල්ල පළ කර තිබේ.














