• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නම ගෙනියන්න සල්ලි දෙනවා – තීරණය ජනතාව අතයි

30 July 2018
in දේශීය

පුද්ගලයෙකුගේ නම ගෙනයන්න ආර්ථික වශයෙන් ප‍්‍රයෝජනයක් නැති තැනක ප‍්‍රකෝටි ගණන් ධනය නාස්ති කරනවා ද නැද්ද කියන එක ගැන රටේ ජනතාව තීරණය කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කටුනායක ගුවන්තොටුපලේ ආදායම යන්නේ මත්තල ගුවන්තොටුපල නඩත්තු කරන්න යන බව අමාත්‍යවරයා පැවසිය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, මහානගර අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන මගින් බප/මතු/ සාලාලංකාරතිස්ස කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකරන ලද පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැමිණ සිටි මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘මත්තල ගැන කතා කරනවා නම් මත්තල මාසික ආදායම ලක්‍ෂ 12යි. වියදම ලක්‍ෂ 2500 යි. මත්තල නිසා අපේ රටේ සෑම පුරවැසියෙක්ම රුපියල් 800 ක් ගෙවා තිබෙනවා. නිසි අධ්‍යනයකින් තොරව කටුනායක හදන්න තිබූ දෙවන ගුවන්තොටුපල මත්තලට ගෙනිහින් තමන්ගේ මූණත් තහඩුව ගසා ගැනීම තමයි සිදු කළේ. මේක සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරමින් යනවා. අයිතිය රජය සතුව තිබියදී එහි පාලනය භාරදීමට හැකි දැයි සොයාබලමින් සිටිනවා. ඉන්දියානු ගුවන්තොටුපල අධිකාරියත් සමග අපගේ ගුවන්තොටුපල අධිකාරිය ඒ පිළිබඳව සාකච්ඡා පවත්වමින් යනවා. තවම අවසන් නිගමනයකට පැමිණිලා නැහැ. අවසන් නිගමනයකට ආවහම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර රටේ ජනතාව අතර විවෘතව සාකච්ඡා කරයි. රටේ ජනතාව තීරණය කළ යුතුයි පුද්ගලයෙකුගේ නම ගෙනයන්න කිසිම ආර්ථික වශයෙන් ප‍්‍රයෝජනයක් නැති තැනක ප‍්‍රකෝටි ගණන් ධනය නාස්ති කරනවා ද නැද්ද කියන එක ගැන. මෙය ආර්ථීක වශයෙන් කරන්න පුළුවන් කියල කිසිම දේශපාලනමය හෝ ආර්ථිකය ගැන කිසිම දැනුමක් නැති අය මොන කටකතා කිව්වත් ඊ ළඟ දශක දෙකට එය ආර්ථික වශයෙන් ගොඩනගා ගැනීමට අපේ රටේ ගුවන් සේවා අධිකාරියට හැකියාවක් නැහැ. දැනට කටුනායක ගුවන්තොටුපලේ ආදායමත් යන්නේ මත්තල නඩත්තු කරන්න යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 12
Previous Post

යටින් ගේම් නැතිව කෙලින් එන්න – රනිල්ට මෛත්‍රී කියයි

Next Post

මුල් පිතිකරුවන් හරියට සෙල්ලම් කලේ නෑ

editor

editor

Next Post

මුල් පිතිකරුවන් හරියට සෙල්ලම් කලේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved