27 April 2024
#දේශීය

රාජ්‍ය සේවය ගමට ගෙන යමින්, තැන්න මහා විද්‍යාලයේදිදී සාර්ථකව නිමාවට පත් විය

රාජ්‍ය සේවය ගමට ගෙන යමින්, ජනතා ගැටළු වෙත කඩිනම් හා සාධනීය විසඳුම් ලබා දීම අරමුණු කර ගනිමින් උකුවෙල ප්‍රාදේශීය මහ ලේකම් සේරසිංහ මහත්මියගේ මග පෙන්වීම යටතේ පප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මෙහෙයවීම මත සංවිධානය වන ගම්පති ජංගම සේවා වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 09ක් ආවරණය වන පරිදි තැන්න මහා විද්‍යාලයේදිදී සාර්ථකව නිමාවට පත් විය.

මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව සමාරම්භ වූ මෙම ජංගම සේවා වැඩසටහනේ දී ඉඩම් ගැටළු, රජයෙන් ලබාදෙන සමාජ සේවා ආධාර පිළිබද ගැටළු, උප්පැන්න-විවාහ-මරණ රෙජිස්ට්‍රාර් කටයුතු, ප්‍රාදේශීය සභාවට අදාල ගැටළු, විදේශ රැකියා ගැටළු, ළමා ගැටළු මෙන්ම විශේෂ අක්ෂි පරීක්ෂාවක් ද සේවාලාභීන් වෙනුවෙන් සංවිධානය කරන්නට කටයුතු යොදන ලදී.

මෙම ජංගම සේවයේ දී අමායා විෂන් ආයතනයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් යුතුව සේවාලාභීන් පස්දෙනෙකු වෙත නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීම ද සිදු විය.

මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීමේදී වෙනත් රාජ්‍ය ආයතන ලෙස උකුවෙල ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකා පොලීසිය, ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය, තැපැල් දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන මෙන්ම ප්‍රදේශවාසිහු මෙයට දායකත්වය දැක්වුහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *