තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී සුපිරි නළු තලපති විජේගේ නායකත්වයෙන් යුත් ‘තමිලග වෙට්‍රි කලගම්’ (TVK) පක්ෂය ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ, එම්.කේ. ස්ටාලින් මහතා සිය මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මෙවර මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ආසන 234කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 108ක් ජයග්‍රහණය කිරීමට විජේගේ පක්ෂයට හැකි විය. ස්ටාලින් මහතාගේ නායකත්වයෙන් යුත් DMK පක්ෂයට හිමිව ඇත්තේ ආසන 59ක් පමණි. ප්‍රාන්තයේ බලය තහවුරු කරගැනීම සඳහා ආසන 118ක බහුතරයක් අවශ්‍ය වන අතර, ඒ සඳහා විජේගේ පක්ෂයට වෙනත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදුවේ. දශක ගණනාවක ද්‍රවිඩ දේශපාලන බලකොටුවක් වූ DMK වැනි පක්ෂවලට මෙවර බලය ගිලිහී යාම විශේෂත්වයක්.
තලපති විජේගේ මෙම මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සිය ප්‍රශංසාව සහ සුබ පැතුම් එක් කර තිබේ. දමිළ සිනමාවේ අතිශය ජනප්‍රිය තරුවක් වන ජෝෂප් විජේ ඉදිරියේදී තමිල්නාඩුවේ මහ ඇමති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














