අනිසි ලෙස දැරියන් ස්පර්ශ කළ බවට තමාට එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ අලුතින් ඉදි කළ නිවාස විවෘත කිරීමේ උත්සවවලදී දරුවන් තමන්ට වැඳීමට උත්සාහ කළ අවස්ථාවේදී, එය වැළැක්වීම සඳහා අතින් අල්ලා ඉවත් කිරීම පමණක් සිදු කළ බවයි.
බීබීසී පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ දේශපාලඥයන්ට වැඳීම අවශ්‍ය නැති බවත්, අම්මාට සහ තාත්තට පමණක් වඳින ලෙස තමා දරුවන්ට පවසන බවත්ය. ළමා ආරක්ෂාව ගැන කතා කරන සංවිධානවල නීත්‍යනුකූල ස්ථාවරය තමා තේරුම් ගන්නා නමුත්, ඇතැම් පාර්ශ්ව දේශපාලන දෘෂ්ටිකෝණයකින් සහ ඊර්ෂ්‍යාවෙන් මෙම සිදුවීම් අර්ථකථනය කරන බවත්, අතීතයේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් සිදු වූ සැබෑ අපචාර සිදුවීම්වලදී නිහඬව සිටි අය වර්තමානයේ මෙවැනි කරුණු විශාල ලෙස මතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.













