වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති අද (04) දින උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ අද දහවල් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වෙන බවයි.ජනාධිපතිවරයා සමඟ අයවැයට පෙර පැවති සාකච්ඡාවේදී ද ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොවූ බව පෙන්වා දෙන ස්ටාලින් මහතා, ගුරුවරුන්ගේ උසස්වීම් ප්‍රමාදවීම හේතුවෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් අසාධාරණයට ලක්ව ඇති බවත් අවධාරණය කළේය. මීට අමතරව, මොඩියුලර් ඇගයීම් වෙනුවට විභාග ක්‍රමයක් හඳුන්වාදීමෙන් ගැටලු රැසක් මතුව තිබීම, ගුරුවරුන්ට පවතින අධික ලේඛන කටයුතු (කොළ පිරවීම) බරපතළ පීඩාවක් වීම සහ විදුහල්පති සේවයේ ගැටලු සඳහා මෙතෙක් අමාත්‍යාංශයෙන් නිසි විසඳුම් ලැබී නොමැති වීම මෙම විරෝධතාවයට මූලික හේතු වී ඇත.














