ඇල්ල ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ඓතිහාසික ආරුක්කු නවයේ පාලම ආලෝකමත් කිරීම සඳහා ස්ථාපනය කළ විදුලි පද්ධතිය ක්‍රියාවිරහිත වී ඇති බවත්, එය ක්‍රියාත්මක කළ අවස්ථාවේ මුළු ඇල්ල ප්‍රදේශයේම විදුලි ආලෝකය අඩු වී (Light Dim) ගිය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
නිසි තාක්ෂණික සැලසුමකින් තොරව මෙම කටයුතු සිදුකිරීම හේතුවෙන් පද්ධතියේ දෝෂ මතුවී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ පවතින විදුලි ධාරිතාව පිළිබඳව අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය. සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට ගත් මෙම උත්සාහය මේ වන විට ප්‍රදේශයේ ජනතාවටද ගැටලුවක් වී ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.














