ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන නවතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය වන ‘WEAIR’ පසුගිය ජුනි 06 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී නිල වශයෙන් දියත් කෙරිණි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
WEAIR ගුවන් සේවය මගින් කොළඹ නුවර දකුණු ආසියාව, නිරිතදිග ආසියාව, ඉන්දියන් සාගර කලාපය, මැදපෙරදිග සහ අප්‍රිකානු රටවල් සමඟ සම්බන්ධ කරමින් කලාපීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන සබඳතා සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට නියමිතය. ලක්සම්බර්ග් පදනම් කරගත් IOTC ආයෝජනවල සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව කලාපීය ලොජිස්ටික් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ රජයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා වැදගත් පියවරක් වනු ඇත.
මෙම නව ආයෝජනය ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව සහ කලාපීය සම්බන්ධතාවය ඉහළ නැංවීමට මෙන්ම, අපනයන, සංචාරක ලොජිස්ටික් සහ සැපයුම් දාම ජාල ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දෙනු ඇතැයි ඇමැතිවරයා පැවසීය. එමෙන්ම, මෙම ව්‍යාපෘතිය මගින් රට තුළ රැකියා අවස්ථා උත්පාදනය කිරීමට සහ ගුවන් සේවා හා ලොජිස්ටික් කර්මාන්ත සංවර්ධනයට සහාය වීමට ඇති හැකියාව පිළිබඳව ද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට WEAIR නියෝජිතයින්, ආයෝජකයින් සහ ගුවන් සේවා හා ලොජිස්ටික් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















