තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ජනප්‍රිය නළු තලපති විජේ හෙට (07) දිනයේදී ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට සැලසුම් කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 51 හැවිරිදි ජෝෂප් විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය මේ වන විට රජයක් පිහිටුවීමට අවශ්‍ය බලය තහවුරු කරගැනීම සඳහා කටයුතු කරමින් සිටියි. තමිල්නාඩු ප්‍රාන්තයේ සමස්ත ආසන 234න් ආසන 108ක් TVK පක්ෂය විසින් දිනාගෙන ඇති අතර මහ ඇමති ධුරය ලබා ගැනීමට නම් ආසන 118ක බලය තහවුරු කරගත යුතු වේ.
ඒ අනුව අවශ්‍ය බහුතරය ලබා ගැනීම සඳහා ආසන 5ක් සතු කොංග්‍රස් පක්ෂය දැනටමත් විජේගේ පක්ෂයට සහාය පළ කර ඇත. ඉතිරි ආසන 5 සපුරා ගැනීම සඳහා DMK පක්ෂයේ සන්ධාන පක්ෂ වන CPI, CPM සහ VCK යන පක්ෂවල සහාය ලැබෙනු ඇති බවට තොරතුරු වාර්තා වේ. දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්තයෙකු වන විජේ සිය දේශපාලන ගමන ආරම්භ කරමින් මෙලෙස ප්‍රාන්ත පාලනය අත්පත් කර ගැනීමට සූදානම් වීම කලාපීය දේශපාලනයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයකි.














