• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කැළණිතිස්ස විදුලි බලාගාරයේ කටයුතු කඩිනමින් සක්‍රිය කරන බව විදුලි ඇමැති කියයි

16 September 2020
in සංවර්ධන

කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ සක්‍රීයකර, නැවතත් ජාතික පද්ධතියට දෛනිකව මෙගාවොට් 165 ක් බැගින් එක්කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙයි.

2019 ඔක්තෝබර් මස සිට අක්‍රීයව පවතින ලංකා විදුලිබල මණ්ඩලයේ හිමිකාරීත්වය යටතේ පවතින කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය පවතියි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, ඊයේ (15) පස්වරුවේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරිම සඳහා පැවති චාරිකාවකට සහභාගි වෙමිනි.

යාන්ත්‍රික දෝෂයකට ලක්වූ අදාළ බලාගාරයේ කොටස් අළුත්වැඩියා කටයුතු සදහා ඉන්දියාව වෙත යවා ඇති අතර පසුගිය සමයේ සමස්ත ලෝකයටම පොදුවේ බලපානු ලැබූ කොරෝනා උවදුර හේතුවෙන් මේ දක්වා එම යන්ත්‍ර අළුත්වැඩියා කොට නැවත ගෙන්වාගැනීමට නොහැකි වී තිබේ.

මේ පිළිබදව කරුණු විමසා බැලූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, ඉන්දියානු රජය සමග සාකච්ඡා කොට, බලාගාරයේ අක්‍රීයව ඇති යන්ත්‍ර කඩිනමින් අළුත්වැඩියා කර නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

තවද වරින්වර මෙසේ යාන්ත්‍රික දෝෂයන්ට ලක්වන විදුලි බලාගාර අළුත්වැඩියාව වෙනුවෙන්, මේ වනවිට සාම්ප්‍රදායිකව අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග තුලින් සිදුවන ප්‍රමාදදෝෂයන් අවම කරගැනීමට යම් දීර්ඝකාලීන සැලසුමක් සකස් කළයුතු බවත්, අවදානමට පෙර සූදානම සුදුසු බැවින්, ජාතික විදුලි පද්ධතිය සමතුලිතකරණය වෙනුවෙන් කැළණිතිස්ස වැනි බලාගාර නිරන්තරයෙන් දෝෂ රහිතව ක්‍රියාත්මක තලයේ පවත්වාගැනීම වැදගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

Post Views: 21
Previous Post

ලෝකයට ගැලපෙන ආකාරයට තැපැල් සේවය දියුණු කල යුතුයි – රාජ්‍ය අමාත්‍ය සදාසිවම්

Next Post

යාපනය රෝහලේ ප්‍රශ්ණවලට විසදුම් ලබා දෙන බව අමාත්‍ය දේවානන්දා පවසයි

editor

editor

Next Post

යාපනය රෝහලේ ප්‍රශ්ණවලට විසදුම් ලබා දෙන බව අමාත්‍ය දේවානන්දා පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved