27 April 2024
#සංවර්ධන

ලෝකයට ගැලපෙන ආකාරයට තැපැල් සේවය දියුණු කල යුතුයි – රාජ්‍ය අමාත්‍ය සදාසිවම්

වර්තමාන ලෝකයට ගැලපෙන අයුරින් තැපැල් සේවාව වැඩි දියුණු කල යුතු බව තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිරීක්ෂණකට සහභාගී වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තැපැල් සේවාව යනු ලංකාව පුරාම විහිදුන සේවා ජාලයකින් යුක්ත සේවාවන් සපයන රාජ්‍ය ආයතනයක් බවයි. එසේම පසුගියදා රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා හමූ වු අවස්ථාවේදී තමා තැපැල් සේවාවේ අඩුපාඩු පිලිබදව ජනාධිපතිවරයා දැනුවත් කල බව හෙතෙම පැවසිය.

විශේෂයෙන්ම තැපැල තුලට ඩිජිටල් තාක්ෂණය ගෙන ආ යුතු බවත් ඒ තුලින් නව සේවාවන් රැසක් හදුන්වා තැපැල ගොඩ නැංවීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් අමාත්‍යවරයා මේ බව පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිරීක්ෂණකට සහභාගී වෙමිනි. මෙම නිරීක්ෂණය සදහා අමාත්‍යාංශ ලේකම් ඒ. සේනානායක මහතා. තැපැල්පති රංජිත් ආරියරන මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *