මහනුවර නගරයේ වායු දූෂණය වැඩිපුරම සිදුවන බව විද්‍යාත්මකවත් ඔප්පු වී ඇති කාරණයක් බව ඉන්දියාවේ නගර ගත්තහම අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මතවලින් ඔබ්බට ගිහින් විශාල දූෂණයකට සෑම නගරයක්ම ලක්වෙලා තිබෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එසේම කොඹ නගරය යම් ප‍්‍රමාණයක බේරිලා තිබෙන්නේ මුහුදු සුළං නිසා බව අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ‍්‍රී ලංකාවේ නාගරික ප‍්‍රදේශ තුළ දැනට පවතින තුරු ආවරණය ප‍්‍රමාණාත්මකව හා ගුණාත්මවක ඉහළ නැංවීම තුළින් නාගරික ප‍්‍රදේශයන් මුහුණ දෙන වායු දූෂණය, පරිසර උෂ්ණත්වය වැඩි වීම වැනි ගැටළු අවම කර සෙවන සහිත සුවදායී තිරසර නගර ඇතිකිරීම අරමුණු කර ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය කි‍්‍රයාත්මක කරන ‘සහසක් තුරු’ මිලියනයක් ශාක සිටුවීමේ වැඩසටහනේ සමාරම්භයට මහනුවරදී සහභාගී වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද මේ ලෝකය ඉතාමත්ම බරපතල පාරිසරික ප‍්‍රශ්නයකට මුහුණ දෙමින් සිටිනවා. එය ලෝකයේ හැමතැනකම අද දැක ගන්න පුළුවන්. අද යුරෝපයේ රටවල් බොහොමයක, ජපානය, කොරියාව මේ හැම රටකම අධික උෂ්ණත්වය නිසා මිනිසුන් මිය යන යුගයක් එළඹිලා තිබෙනවා. ජපානයේ පමණක් 200 කට අධික ප‍්‍රමාණයක් මහා වර්ෂා වලින් වගේම අධික උණුසුමින් මිය ගිහින් තිබෙනවා. ඒ වගේම කැනඩාව වැනි ඉතාමත් සීත රටවල පවා තාප සුළං නිසා විශාල පිරිසක් මිය යමින් සිටිනවා. මෙය පාලනය කරන්න බැරි තත්වයක් යැයි දැන් විද්‍යාඥයෝ අනුතුරු හඟවනවා. එම තත්වය හමුවේ අපේ වායුගෝලයේ උණුසුම පාලනය කරන්න වගේම පිරිසිදු වායුව ආශ්වාස ප‍්‍රාශ්වාස කරන්න ගහකොළින් වන සේවය අපරිමිතයි.
ලෝක තත්වයත් සමග බැලූවහම ලංකාවේ මේ මහනුවරින් ඇයි මේ කි‍්‍රයාදාමය අප ආරම්භ කළේ. එයට ප‍්‍රධානම හේතුව අප පසුගියදා මේ කන්ද උඩරට, විශේෂයෙන්ම මහනුවර නගරයේ ගෙනයන උපාය මාර්ගික නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපි විද්වතුන්ගේ අදහස් විමසුවා. ඒ අයගෙන් ආපු ප‍්‍රධාන දෙයක් තමයි මහනුවර වායු දූෂණය. එය විද්‍යාත්මකවත් ඔප්පු වූ කාරණයක්. මේ රටේ තිබෙන නගරවලින් ඉතාමත්ම වායු දූෂිත නගරය කන්ද උඩරට අපේ මහනුවරයි. ඒ වගේම අපේ ඉන්දියාවේ නගර ගත්තහම අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මතවලින් ඔබ්බට ගිහින් විශාල දූෂණයකට සෑම නගරයක්ම ලක්වෙලා තිබෙනවා. කොළඹ නගරය යම් ප‍්‍රමාණයක බේරිලා තිබෙන්නේ මුහුදු සුළං නිසා.
ඒ වගේම අපි 2008 දී නොයෙක් අයගේ බැණුම් මැද ඇති කරපු වාහනවල වායු විමෝචන කි‍්‍රයාවලිය නිසා. මේ මහනුවරත් මෙම කි‍්‍රයාවලිය දියත් කිරීමෙන් අපට යම් ප‍්‍රමාණයකට මේ කාරණ කිහිපයක් පාලනය කරන්න පුළුවන්. එකක් අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමේ කි‍්‍රයාවලියත් ආරම්භ කරන්න පුළුවන්. හොඳින් වැඩුනු ගසකට 4 දෙනෙකුට ප‍්‍රමාණවත් ඔක්සිජන් දවසකට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම හොඳින් වැඩුනු ගසකට වසරකට මේ වායු ගෝලයේ තිබෙන දූෂිත කාබන් කිලෝග‍්‍රෑම් 12 ක් පමණ අවශෝෂණය කර ගන්න පුළුවන්. ඒ වගේම හොඳින් වැඩුණු ගසකින් හොඳ ජල වාෂ්ප සංයුතියක් ලබාදෙනවා මෙන්ම සෙවනක් ලබාදෙනවා. ඒ වගේම ජලය සංරක්‍ෂණය වීමද සිදුවෙනවා. මේ සියළු කරුණුත් සමග නෙතට හොඳ දසුනක් මේ තුරුවදුලූ සමග අපට ලැබෙනවා. ඒ වගේම කොන්ක‍්‍රීඞ් ගොඩනැගිලි ඉදිකිරීම නිසා ඇතිවන තාප දූපත් මේ මගින් පාලනය වෙනවා. මේ වගේ කාරණා ගණනාවක් නිසා තමයි නගරවල ගස් කොළන් සිටුවීම අපි ආරම්භ කළේ.
ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය වසරේදී රටේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා හරිත මූලධර්ම, හරිත මාර්ගෝපදේශයන් නිකුත් කළා. ඒ අනුව ඒ ගොඩනැගිලිවල බල ශක්තිය නිපදවීම ගොඩනැගිලිවල අපජලය කළමනාකරණය, ඒ වගේම ගොඩනැගිලිවලට භාවිතා කරන අමුද්‍රව්‍ය මේ යනාදි සෑම එකක්ම තිරසර සංවර්ධනය සමග එකට යන දේවල් බවට අද අපි පරිවර්ථනය කරගෙන යනවා. එම නිසා මේ වැදගත් පියවර අප තබන්නේ තවත් වැදගත් වැඩසටහනක් සමග. මේ වගේ ගස් සිටුවීමේ වැඩපිළිවෙලවල් බොහෝ දෙනෙක් දැක තිබෙනවා. ගස් කෝටිය, දෙකෝටිය, දශ ලක්‍ෂය සිටුවා තිබෙනවා. නමුත් මේ හැම ගහක්ම අපි යම් නිෂ්චිත ආකාරයකට ඒ අයව අපි රෙජිස්ටර් කරගෙන තිබෙනවා. ගස තිබෙන්නේ කොහේද කියා අපි දන්නවා. ගහේ වර්ධනය අපි සලකුණු කරනවා. ගහට අනතුරක් සිදුවනවාද නැද්ද යන්න වගකීම දරන්නෙක් සිටිනවා. ඒ අනුව මෙම ගස් සුරක්‍ෂිතව වැඩෙන බවට රක්ෂණාවරණයක් සමග තමයි අපි මේ පැල සිටුවන්නේ. ගසක් සිටුවනවාට වඩා වැදගත් දෙය එය රැක බලාගෙන නිෂ්චිත තත්වයකට පත් වෙනකන් ඒ ගහ ස්වයංව වැඩෙනකන් සතා සිව්පාවාගෙන් සහ වෙනත් අනුතුරු වලින් ආරක්‍ෂා කර ගැනීම පිළිබඳවත් නිෂ්චිත වැඩසටහනක් සමගයි මෙය සිදු කර තිබෙන්නේ. ඕනෙම කෙනෙකුට මේ සඳහා දායක විය හැකියි. ඉදිරි කාලයේදී අපි අපේ සෑම නිවාස සංකීර්ණවල සෑම පවුලකටම අඩු ගණනේ එක ගසක් රැක බලා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කරන බවද යැයි අමාත්‍යවරයා පැවසීය.