• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් දිවා ආහාර වැඩසටහන නිරීක්ෂණයට ඇමරිකානු තානාපති ඇඹිලිපිටියේ ගුරුආරගම විද්‍යාලයට යයි

22 March 2023
in දේශීය

ඇමරිකානු රජය අනුග්‍රහය දක්වා ඇති අතර එම පාසල් දිවා ආහාර වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ඇමරිකානු තානාපති ජූලි චංන්ග් (Julie Chung) මහත්මිය ඇඹිලිපිටියේ ගල්වංගුව ගුරුආරගම විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග එක් විය.

පන්ති කාමරය තුළ නිසි අවධානයක් ඇති ව වඩාත් ප්‍රශස්ත අයුරින් අධ්‍යාපන කටයුතුවල නියැලීමට පාසල් දරුවන්ට අවකාශ සැලසීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන පාසල් පෝෂණ වැඩසටහනේ ප්‍රතිලාභ පාසල් දරුවන් වැඩි ප්‍රමාණයකට ලබා දීම සඳහා ඇමරිකානු රජය අනුග්‍රහය දක්වනු ඇත.

එම විද්‍යාලය සඳහා කියවීමේ පොත් ප්‍රදානයක් ද සිදු වූ අතර දරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන නව ව්‍යාපෘතිය ආරම්භ කිරීම ද මෙහි දී සිදු විය.

දරුවන් පාසල් පැමිණීමේ ප්‍රවණතාවක් ඇති කිරීම, යහපත් සෞඛ්‍ය ආහාර පුරුදු ඇති කිරීම, සමබල ආහාර වේලක් සඳහා දරුවන් දිරිගැන්වීම ඒ ඔස්සේ පාසල් දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍ය යෝග්‍ය මට්ටමකින් පවත්වාගෙන යෑම මෙම පෝෂණ වැඩසටහනේ මූලික අරමුණු අතර වෙයි. ඒ අනුව ඇමරිකානු රජය මගින් අවස්ථා ගණනාවක දී ම සබලකරණය කරන ලද සහල්, වටානා පරිප්පු, රෝස සැමන් සහ ආහාර පිසීමට ගන්නා තෙල් ප්‍රදානය කර ඇත.

මෙම චාරිකාව සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු දෙස් විදෙස් ආරාධිතයන් මෙන් ම සේව් ද චිල්රන්ඩ් ආයතනයේ (Save the Children) නිලධාරීහු ද එක් ව සිටියහ.

Post Views: 19
Previous Post

රට වැටිලා තිබෙන තත්වයෙන් ගොඩගන්න එකම මාර්ගය IMF – මන්ත්‍රී ගාමිණි

Next Post

ගම්පහ, කරස්නාගල, බස්නාගොඩ ජල ව්‍යාපෘතියේ නව ජල සබඳතා ලබාදීම 25 වැනිදා ඇරඹේ

editor

editor

Next Post

ගම්පහ, කරස්නාගල, බස්නාගොඩ ජල ව්‍යාපෘතියේ නව ජල සබඳතා ලබාදීම 25 වැනිදා ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved