• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ

6 June 2023
in දේශීය

‍‍ඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාව පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබිණ.

මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී ඇහැලේපොල මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත්වූ නිවසයි.

එය ඇහැලේපොළ වලව්ව, රිමාන්ඩ් බන්ධනාගාරය හා බන්ධනාගාර නිල නිවාසය ලෙස ගොඩනැඟිලි තුනකින් සමන්විත වේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ අභීත සිංහලයන් රැසකට සෙවණ දුන් මෙම ඓතිහාසික ඇහැලේපොළ වලව්ව තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙසින් පවත්වාගෙන යෑම අපරාධයක් බවයි.

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දී (ක්‍රි.ව1844) මෙය හමුදා බැරැක්කයක් ලෙස භාවිතයට යොදාගෙන තිබු අතර පසුකාලීනව සිර මැදිරියක් හා බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස මෙම වලව්ව පවත්වාගෙන යනු ලැබිණි.

‍‍ඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාළිගාව ආශ්‍රීත පූජාභූමි ප්‍රදේශය තුළ පිහිටා ඇති අතර 2005 වසරේදී පුරා විද්‍යා ගොඩනැඟිල්ලක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුණි.

අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙහි ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2014 දී භාර දෙනු ලැබිණි.

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් හා මෙහෙයවීම් මත නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදලින් රුපියල් මිලියන 154.8ක් වැය කර මෙම වලව්වේ ප්‍රතිසංවර්ධන කටයුතු සිදුකර ඇත. එහි ප්‍රතිසංවර්ධන කටයුතු අවසන් කර මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැවරීමට මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරිණි.

 

Post Views: 18
Previous Post

නවකුරුදුවත්ත ප්‍රදේශයේදී දිවියෙකු මියයයි

Next Post

දේශපාලනයට එනඅයත් බදු ගෙවීය යුතුයි – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

editor

editor

Next Post

දේශපාලනයට එනඅයත් බදු ගෙවීය යුතුයි - රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved