• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට මුල්තැන දෙමින් රට විවෘත කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

28 December 2020
in සංවර්ධන

මිලියන 22 ක ජනතාවගේ බලාපොරොත්තුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ රට විවෘත කර ඔවුනගේ කටයුතු සාමන්‍ය පරිදි සිදු කර ගනිමින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සලසා ගැනීම බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පානදුර ආසනයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා, ” කොරෝනා බලපෑම් තියෙද්දී අපි මාර්ග සංවර්ධනය කිසි දවසක නතර කළේ නැහැ. සෞඛ්‍ය උපදෙස් වලට යටත්ව අපිට කොරෝනා එක්ක ජීවත් වෙන්න සිදු වෙනවා. ඒ අනුව මමත් මගේ කැබිනට් ඇමතිතුමත් තීරණය කළා වැඩ නතර කරන්නෙ නැහැ කියලා. අවුරුදු 4 ක් ගියාම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන්, අපෙන් ජනතාව අහයි කිලෝ මීටර් ලක්ෂයේ පොරොන්දුව ඉටු කළාද කියලා. 2021 දී කොරෝනා වලින් තොර රටක් බවට පත් කර ගැනීම අපේ ඉලක්කයයි. ඒ සදහා සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් සහය දෙන්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඕනේ රට වහලා තියන්න. රටේ මිලියන 22 ක ජනතාව බලාපොරොත්තු වෙනවා රට විවෘත කරලා සාමන්‍ය තත්ත්වයට යන්න. සංචාරක ව්‍යාපාරයේ නියෙලෙන ලක්ෂ 20 කට වැඩි පිරිසක් මාස 9 ක් තිස්සේ ගෙවල් වලට වෙලා ඉන්නවා සංචාරක ව්‍යාපාරය කර ගන්න බැරිව. එදිනෙදා වැඩ කරන ජනතාවට ඔවුනගේ වැඩ කරගන්න අවස්ථාව සලසලා දෙන්න ඕනේ. මම පෞද්ගලිකව හිතන දේ තමා කොවිඩ් එකත් එක්ක අපි ආරක්ෂා වෙලා ජීවත් වෙන්න ඕනේ. අපි එදිනෙදා කටයුතු කරගෙන යන්න ඕනේ. නැතිනම් රටත් වැටෙනවා අපිත් වැටෙනවා. අපි අධිෂ්ඨාන කර ගන්න ඕනේ 2021 රටේ සංවර්ධනය, රටේ ආර්ථිකය කොවිඩ් 19 හමුවේ ජයගන්න. ජනවාරි 17 න් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ගුවන් තොටුපොළ විවෘත කරන්න. පිටරට ඉන්න ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් සිටින අයට එන්න අවස්ථාව සලසලා දෙන්න. සංචාරක ව්‍යාපාරය සදහා ගුවන් තොටුපොළ විවෘත කරන්න. මේ හැම දෙයක්ම කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්. සංචාරකයින් ලංකාවට එන්න පැය 72 කට කලින් පීසීආර් එක කරනවා. සංචාරකයා ලංකාවට ආවට පස්සේ පීසීආර් එකක් කරනවා. සංචාරකයා දවස් 7 ක් විතර ඉදලා එලියට යනකොට නැවත පීසීආර් එකක් කරනවා. පීසීආර් තුනක් කරලා තමා සංචාරකයා එලියට දාන්නේ. 2021 කියන්නේ අපි සියළු දෙනාට වැදගත් වර්ෂයක්. ලෝකයම කොවිඩ් වසංගතයට මුහුණ දෙද්දී, ලෝකයේ ආර්ථිකය පහල යද්දී අපි අධිෂ්ඨාන කරගන්න ඕනේ පාසල් ටික විවෘත කරලා, ව්‍යාපාර කටයුතු වලට රට විවෘත කරලා, එදිනෙදා කටයුතු සාමන්‍ය පරිදි සිදුකරන ගමන් හොදම ආර්ථිකය හිමි රට බවට පත් කරන්න. ඒ සදහා අපි සියළු දෙනා එක්විය යුතුයි. යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

කොවිඩ් මරණ ගැන බොරු නිව්ස් දාන්න එපා – සෞඛ්‍ය අමාත්‍යංශය

Next Post

නෙඩුන්තිව් වැවට ඉස්සන් පැටවුන් ලක්ෂ 11ක් මුදාහැරියි

editor

editor

Next Post

නෙඩුන්තිව් වැවට ඉස්සන් පැටවුන් ලක්ෂ 11ක් මුදාහැරියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved