• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට යන්න සතියකට ෆයිල් 15 කට අත්සන් කරනවා – ඇමැති මහින්ද

8 August 2018
in සංවර්ධන

නිලධාරින් විදේශගතවීම් සඳහා වන ෆයිල් පහලොහකට පමණ සතියකට අත්සන් කරන බවත් නිලධාරින් විදේශගතවීම් සීමා කර එවැනි අවස්ථා ගොවීන්ට හා ඈත සේවය කරන හොඳ නිලධාරින්ට ලබා දෙන ලෙස තමා අමාත්‍යාංශයේ ලේකම්ට උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “අපි වවලයි – අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික ක්‍රියාන්විතය පිළිබඳව පොලොන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කවල සිටින කෘගපගනිගසල සංවර්ධන නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට සහභාගී වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා” අපේ රටේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් දසදහසක් පමණ ඉන්නවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නවා නිලධාරින් 15000ක් විතර. ඒ වගේම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේත් එවැනිම නිලධාරින් පිරිසක් ඉන්නවා. නමුත් අපි බැලුවොත් තවමත් අපේ රටේ වගා කළ හැකි භෝග තවමත් පිටරටින් ආනයනය කරනවා.

තලල මුං, කව්පි, කුරක්කන්, උඳුල වගේම දොඩම්, මිදි පවා අපි විදේශ රටවලින් ආනයනය කරනවා. අපිට විශාල නිලධාරින් පිරිසක් හිටියත් තවමත් අපේ රටේ ගොවි ජනතාව විද්‍යාත්මක හා අපනයනය ඉලක්ක කර ගත් කෘෂිකර්මාන්තයට යොමු කර ගෙන නැහැ. ගොවියෝ තමන්ට හිතෙන හිතෙන දේ වගා කරනවා. අවසානයේ ඒවා විකුණාගන්න විදියක් නැහැ. ආණ්ඩුවට බනිනවා. වගා සැලැස්මක් නැහැ.

හැම නිලධාරියෙක්ම තමන්ට පැවරෙන රාජකාරිය කළ යුතුයි. රජයේ නිලධාරින් හැම දෙනාම අවුරුදු හැටෙන් විශ්‍රාම යවනවා. දේශපාලඥයෝ විශ්‍රාම යවන්නේ මහජනතාව විසින්. හොඳට සේවය කරන දේශපාලඥයෝ හැරමිටියෙන් ගියත් මහජනතාව තියා ගන්නවා. නමුත් ජනතාවට වැඩක් නැති දේශපාලඥයෝ කල් තියාම විශ්‍රාම ගන්වනවා ජනතාව විසින්. නමුත් අවසානයේ බැලිය යුත්තේ අපි කොයිතරම් මුදලක් අපේ බැංකු ගිණුමේ තැම්පත් කරගත්තාද? ගෙවල් කීයක් හැදුවාද? ඉඩම් අක්කර කොච්චර තියෙනවාද? පිටරට ඉඩම් දේපොල කොච්චර තියෙනවාද කියන එක නොවෙයි. අවසානයේ අපිට වැදගත් වෙන්නේ අපි රට වෙනුවෙන් කළේ කුමක්ද? කියන එකයිග ඒ නිසා ඒ සඳහා වැඩ කරන්නග අවසානයේ සිත සතුටින් මියයන්නට පුළුවන් යැයිද අමාත්‍යවරයා පැවසී ය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩබ්ග එම්ග එම්ග ඩබ්ග වීරසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහග

 

Post Views: 9
Previous Post

පොහොට්ටුවෙන් ගෝඨානම් සහාය දෙනවා – මෛත්‍රී

Next Post

ඥානසාර හිමිට වසර 06 සිර දඩුවමක්

editor

editor

Next Post

ඥානසාර හිමිට වසර 06 සිර දඩුවමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved