27 April 2024
#දේශීය

පොහොට්ටුවෙන් ගෝඨානම් සහාය දෙනවා – මෛත්‍රී

පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවහොත් සහාය ලබා දෙන බව මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා අන් රාජපක්ෂවරුන් මෙන් නොවන බවත් රට ගැන කැක්කුමක් ඇති පුද්ගලයෙකු බවයි.

ගෝඨාභය මහතාට කොතෙක් අඩුපාඩු තිබුණත් යුද්ධය නිම කරමින් නාගරික සංවර්ධනය කළ පුද්ගලයෙකු වන්නේ ඔහු බව හෙතෙම කියා සිටියේය. රාජපක්ෂවරුන් වෙන කිසිවෙකුට එසේ කීමට නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා TTVnews වෙබ් අඩවිය සමඟ එක්ව වැඩිදුරටත් කියා සිටියේ නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා හෝ මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ දේශපාලනයෙන් එක්ව කටයුතු නොකරන බවයි. ඔවුන් ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකරන බවත් නැවතත් ඔවුන් සමඟ එක්වීමට කටයුතු නොකරන බවයි.

කෙසේ වෙතත් පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මේ වන විට පළාත් පාලන ආයතනවලට තේරී පත්ව ඇති පිරිස් පවා මේ වන විට නැවත පරණ පුරුදු ආකාරයෙන් සොරකම් කිරීම් සිදු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *