• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මරණ දණ්ඩනයට අත්සන් තියනවා

11 July 2018
in ක්‍රීඩා

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපති පවසයි.

මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක් ලෙස විවිධ මත පැවතිය ද, ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන සහ බණ අසන සමාජයක් මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා ගත යුතු තීන්දු තීරණ නිසි කලට ගතයුතු බව ද ජනාධිපති සඳහන් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (11) පෙරවරුවේ මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේ පැවති “මතට එරෙහිව පාසලෙන් ජවයක්” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය සහ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය එක්ව මෙම වැඩසටහන දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දේශපාලන විරුද්ධවාදීන් කුමන අන්දමින් පෙන්වා දුන්න ද පසුගිය වසර තුන හමාර තුළ මේ රටේ මිනීමැරම් සහ ස්තී‍්‍ර දූෂණ අඩුවී ඇති බවයි.

2008 වසරේ සිට ගෙවී ගිය වසර 10 තුළ සිදුවූ මිනිස් ඝාතන පිළිබඳ ඊයේ දින ජාතික ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මිනීමැරුම් සහ අපරාධ ඉහළ ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය ඉදිරිපත් කරන වැරදි මාධ්‍ය වාර්තා ඇතැම් දේශපානඥයින් ද තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරන බවයි.

කෙසේ වෙතත් මිනිමැරුම් සහ ස්ති‍්‍ර දූෂණ ඉහළ යාමට මත්ද්‍රව්‍ය සේම සමාජ වෙබ් අඩවි ද අද ප‍්‍රධාන සාධකයන් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ මෙන්ම දෙමාපියන්ගේ ද ප‍්‍රමුඛ අවධානය යොමු විය යුතු බව සඳහන් කළේය.

යහපත් සහ මතින් නිදහස් රටක් ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළේ දී පාසල් දරුවන් දැනුවත් කරමින් ඔවුන් සමාජයේ ප‍්‍රධාන පණිවිඩකරුවන් බවට පත්කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් සුවශේෂී දායකත්වයක් සැපයූ රාජ්‍ය නිලධාරින් ඇගයීමට ලක් කරමින් සම්මාන හා තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.

පේරාදෙණිය වෛද්‍යපීඨයේ මුඛ පිළිකා ඒකකයේ ඉදිරි කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා වෙත ලබාදීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ලකී ජයවර්ධන, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, බන්දුල යාලේගම යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්ෂ භේදයෙන් තොරව මහනුවර දිස්ති‍්‍රක්කයේ දේශපාලන නියෝජිතයින් සහ ,මහනුවර දිස්ති‍්‍රක් ලේකම් එම්. පී. හිටිසේකර මහතා ඇතුළු දිස්ති‍්‍රක්කයේ රාජ්‍ය නිලධාරීන්, ක්ෂේත‍්‍ර නිලධාරීන්, පොලිස්, සුරාබදු ඇතුළු සියලු ආරක්ෂක අංශ ප‍්‍රධානීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ පාසල් දරුවන් මෙන්ම ගමහදාගමු ග‍්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ග‍්‍රාමසේවා වසම් 1188 ක නියෝජිතයින් 6000 කට වැඩි පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 15
Previous Post

ඉන්දියානු සහයෙන් මැලියම් නිෂ්පාදනය දියුණු කරයි

Next Post

අපේ රටේ ප්‍රමිතියට ගැලපෙන ටින් මාළු ආනයනයට

editor

editor

Next Post

අපේ රටේ ප්‍රමිතියට ගැලපෙන ටින් මාළු ආනයනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved