27 April 2024
#දේශීය

ජිවන වියදම ඉහලට යාමට විරුද්ධව එප්පාවල ජනතාව පන්දම් විරෝධයක්

වැඩිවු විදුලි බිල හා ජීවන වියදම දරා ගත නොහැකි ලෙස ඉහල යාමට විරෝධය පළ කරමින් එප්පාවල ඉහළවැව නගරයේදී ඊයේ (10) රාත්‍රියේ පන්දම් විරෝධයක් පැවැත්විණි.

ජාතික ජන බලවේගයේ තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කරුණාරත්න දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ පාක්ෂිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

විරෝධතාකරුවන් පන්දම් දල්වමින්, තලාව – කැකිරාව ප්‍රධාන මාර්ගය අසලට වී සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැයකට ආසන්න කාළයක් විරෝධතාවයෙහි නිරත වූහ.

එහිදී අදහස් දැක්වූ පුල්එළියේ ගුණරතන හිමි,” රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් රටේ ජනතාව පීඩාවට පත් කරමින්, දිනෙන් දින විවිධ බදු එකතු කරමින් ජනතාව පීඩාවට පත් කරමින්, ඔවුන්ගේ දෛනික ජීවිතයට විවිධ බලපෑම් එල්ල කරන අවස්ථාවේදී, එම බදු ප්‍රථිපත්තීන්ට එරෙහිව හා ජනතාවට ලබා දෙන විවිධ පීඩනයන්ට එරෙහිව තමයි අද අපි මේ විරෝධතාවය කරන්නේ.පහුගිය දිනවල රටේ ජනතාවගේ විදුලි බිල ඉහළ දමමින්, මිනිස්සුන්ගේ ජීවිත අකර්මණ්‍ය කරමින් රටේ පාලනය කර ගෙන යන්න හදනවා.විදුලි ඇමතිවරයා හැටියට කංචන විජේසේකර ඇමතිවරයාට කියනවා මිනිස්සුන්ගේ දුක වේදනාව හදුනන පාලකයෝ හැටියට කටයුතු කරන්න.නැත්නම් ඔය පුටුවලින් බැහැලා ගිහින් මේ රටේ වංචා දූෂණ නැති කරන්න පුලුවන් පාලනය බිහි කරන්න මේ රටේ ජනතාවට අවස්ථාව ලබා දෙන්න යැයි පැවසූහ.

එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කරුණාරත්න දිසානායක මහතා,” ජනයා කබලෙන් ලිපට වැටුණු වෙලාවේ, විදුලි බිල වැඩි කරලා තුප්පහි ක්‍රියාවක් සිදු කරලා තියෙනවා.අපි කියන්නේ මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතිය දීපල්ලා, මේ අසාධාරණ විදුලි බිල අඩු කරපල්ලා, තමන්ගේ එළවලු කොටුවට වතුර ගැහුවේ විදුලි මෝටර් වලින්, අද විදුලි බිල වැඩි කිරීමත් එක්ක ගොවියා වගාවට ජලය සපයා ගත නොහැකිව අසරණ වෙලා ඉන්නවා.අද ගොවියාගේ වී වලට මිළක් ලබා දීලා නෑ, කුණු කොල්ලයට වී ටික මිළදී ගන්නවා.ආණ්ඩුවට මේ ගැටලු වලට විසඳුම්, පහසුකම් දිය නොහැකි නම් උඹලාගේ සැපවත් ජීවත නුදුරු දිනකදීම අපි අහෝසි කරනවා.දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ වන විට කඩාකප්පල් වෙලා තියෙනවා, ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් වැඩි කරලා ජනතාව අසරණ කරලා තියෙනවා.ජනතාවට සහන දෙන්න බෑ නම් ප්‍රජාත්‍රන්තවාදී විදිහට අලුත් ආණ්ඩුවක් පත් කර ගන්න දීලා වහාම ඉවත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *