• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වෙනස් කරන්නේ නෑ

21 July 2018
in ක්‍රීඩා

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි.  සමාජය පරිහානියට ලක්වන තත්ත්වයක් තුළ නීති කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රමාද කිරීම සහ වැළැක්වීම කිසිසේත් සුදුසු නොවන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ රජය ගත් තීන්දුව නවතා දමා ඇති බවට, මෙම ඉරිදා ජාතික පුවත්පතක සඳහන්ව ඇති ප‍්‍රවෘත්තියක් පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ කුමන අන්දමේ විරෝධතා මතුවුව ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු ඉදිරියටම කි‍්‍රයාත්මක කරන බවයි.

නීතිය, බන්ධනාගාර, අධිකරණ යන අදාළ ක්ෂේත‍්‍රවල ප‍්‍රධානීන්ගේ සාකච්ඡුාවක් තමා විසින් ලබන අඟහරුවාදා දින කැඳවා තිබෙන අතර එහිදී එම සියලු ක්ෂේත‍්‍ර නියෝජනය වන පරිදි කමිටුවත් පත් කරන බවත්, මරණීය දණ්ඩනය ලබාදිය යුතු පුද්ගලයින්ගේ නම් සහ එම දින වකවානු එම කමිටුව විසින් තීරණය කරනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (21) පෙරවරුවේ එක් වෙමිනි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ විරෝධතා ඉදිරිපත් කරන කිසිවෙකු මෙම ව්‍යසනය වළක්වා ගැනීමට කිසිදු සහයෝගයක් ලබා නොදීම කණගාටුවට කරුණක් බව පැවසූ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලින් රටට සිදුවන විනාශය වළක්වා ගැනීමට තමා සමග එක්වන ලෙස එම සියලු දෙනාට ආරාධනා කරන බව ද සඳහන් කළේය.

මේ අතර ආණ්ඩුව විසින් උතුරේ හමුදා කඳවුරු වේගයෙන් ඉවත් කරමින් සිටින බවට, හෙට දින පළවන ජාතික පුවත් පතක පළ කර ඇති වාර්තාවක් පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන කිහිප දෙනෙකු විසින් ගෙන යන එම අසත්‍ය ප‍්‍රචාරය තමා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි.

අද රට තුළ ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති අතර, වත්මන් රජයට හිමිව ඇති නොමද ජාත්‍යන්තර සහයෝගය තුළ එය වඩාත් තහවුරු වී ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

වකුගඩු රෝගයෙන් පීඩාවිදින රජ රට ගොවි ජනතාව වෙනුවෙන් පමණක් නොව සමස්ථ රටටම ප‍්‍රතිලාභ ලැබෙන පරිදි හිත මිතුරු චීන රජයේ සහයෝගයෙන්, මෙම වකුගඩු රෝහල පිළිබඳ තමා දුටු සිහිනය සැබෑ කර ගැනීමට හැකිවීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිය සතුට පළ කළේය.

වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් අනුව දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙම රෝහල පොළොන්නරුවේ ඉදි කෙරේ. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12,000 කි.

උතුරු මැද පළාතේ පමණක් නොව රට පුරා විසිර සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකෙරෙන අතර, ලොව නවීනතම පරික්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විතය. එමෙන්ම රෝගී ඇඳන් 200 කින් සමන්විත වාට්ටු සංකීර්ණය, රුධිර කාන්දුකරණ යන්ත‍්‍ර 100 කින් සමන්විත බාහිර රෝගි ප‍්‍රතිකාර ඒකකය, බාහිර රෝගි හා විශේෂිත වෘක්ක රෝගී සායන සංකීර්ණය හා වෘක්ක බද්ධ කිරීමේ සේවාව සඳහා අවශ්‍ය නවීන ශල්‍යාගාර 6 ක් මීට ඇතුළත්ය. ආසන 200 කින් සමන්විත නවීන ශ‍්‍රවණාගාරයක් සහ වාහන 300 ක් ගාල් කළ හැකි රථ ගාලක් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය නේවාසික පහසුකම් ඇතුළු පහසුකම්වලින් ද යුක්තය.

මාස 24 ක් තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත අතර ඒ අනුව 2020 ජූලි මාසයේදී ව්‍යාපෘතියේ කටයුතු නිමවනු ඇති.

ඉදිකිරීම් ආරම්භ කිරීමට අදාළ සමරු ඵලකය මෙහිදී ජනාධිපතිවරයා අතින් නිරාවණය කෙරිණි.

ඕස්ටි‍්‍රයානු මූල්‍ය ආධාර යටතේ සියලු පහසුකම් සහිත ගිලන් රථ 100ක් ශ‍්‍රී ලංකාවට ලබාදී තිබෙන අතර එම ව්‍යාපෘතිය දියත් කිරීම සංකේතවත් කරමින් පළමු ගිලන් රථය පොළොන්නරුව මහ රෝහල වෙත ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත භාරදීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.

චෙස් කී‍්‍රඩාවට දක්ෂතා දක්වන දිඹුලාගල, විලයාය ප‍්‍රාථමික විද්‍යාලයේ 02වන වසරේ ඉගෙනුම ලබන වෙනුලි ලෙහන්සා දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 15 ක මූල්‍ය පරිත්‍යාගක් පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ෆයසිර් කාසීම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාලක කොළොන්නේ, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ද පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

ජලය වැඩි තැනින් අඩු තැනට  

Next Post

යහපාලනය අවුල් වෙලා

editor

editor

Next Post

යහපාලනය අවුල් වෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved