• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රථම කඩදාසි තොගය ජුලි 30 වැනිදා ඔබ අතට – ජාතික කඩදාසි සංස්ථාවේ සභාපති කියයි

17 July 2020
in ව්‍යාපාර

වාලච්චේන කඩදාසි කම්හල, 2020 ජුලි 30 වැනිදා සිට වාණිජමය වශයෙන් කඩදාසි නිපදවන තත්ත්වයට පත් කිරීමට හැකිව ඇතැයි ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා පවසයි.

ඒ මහතා ඊයේ (16) මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ 2020 ජනවාරියේ මුල්වරට නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන විට අබලන් වූ ගොඩනැගිලි සහිතව ජල විදුලි පහසුකම් අහිමිව, ප්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර දෙකම අක්‍රියව තිබූ බවයි.

විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් හා සමීප අධීක්ෂණ යටතේ තමන් ඇතුළු නව අධ්‍යක්ෂක මණ්ඩලයට හැකිවු බව හෙතෙම පැවසිය.

වාලච්චේන කඩදාසි කම්හලේ 2010 සිට මුද්‍රණ කඩදාසි නිපදවන යන්ත්‍රය අක්‍රියව පැවැති බවත් 2015 දී බෝඞ් වර්ග නිපදවන යන්ත්‍රය ද අක්‍රිය වී ඇති බවත් පෙන්වා දුන් සභාපතිවරයා අවසන දී මෙම යන්ත්‍ර දෙකම අබලි ද්‍රව්‍ය ලෙස විකුණා දැමීමට පෙර පැවැති ආණ්ඩුවේ විෂය භාර ඇමතිවරයා, කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබා ගෙන තිබූ බව ද සිහිපත් කර සිටියේය.

එහෙයින් එසේ ඈවර කර තිබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව යළි යථාවත් කිරීමට වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට පළමුව කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබා ගැනීමට සිදු වූ බවත් එසේ වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දුන් ඇමතිවරයා දෙවන කැබිනට් පත්‍රිකාව මගින් රුපියල් මිලියන 800ක ණය මුදලක් ලබා ගෙන වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන ධාරිතාව දෙගුණයක් කිරීමට අවශ්‍ය නව යන්ත්‍ර මිලදී ගැනීමට හා වාලච්චේන කම්හල් පරිශ්‍රයේ අක්කර 330ක භූමිභාගය ඵලදායක ලෙස යොදා ගනිමින් සෝලා පැනල ව්‍යාපෘතියක් ඇතුළු බහුවිද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දී ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ කටයුතු සිදු වෙමින් පවතිද්දී වාලච්චේන කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලි පිළිසකර කර කර්මාන්ත පරිශ්‍රයට යළි ජලය හා විදුලිය ලබා ගෙන 2015 දී අක්‍රිය වූ බෝඞ් නිපදවන යන්ත්‍රය සම්පූර්ණයෙන්ම පණ ගන්වා, පරීක්ෂණ මට්ටමේ නිෂ්පාදන සිදුකොට අවසන් බවත් ජුලි 30 වැනිදා සිට කොරුගේටඞ් පෙට්ටි සෑදීම සඳහා අවශ්‍ය ක්‍රාෆ්ට් ලයිනර් කඩදාසි (80-120 ජීඑස්එම්), මුද්‍රණ කර්මාන්තයේ පොත් බැඳීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ක්‍රාෆ්ට් බෝඞ් (210-220 ජීඑස්එම්) හා බි්‍රස්ටල් බෝඞ් වර්ග (180 – 200 ජීඑස්එම්) නිපදවීම අරඹන බවත් විමල් රූපසිංහ මහතා පැවසීය.

ඉදිරියේ දී නව යන්ත්‍ර සූත්‍ර ද යොදා ගනිමින් නවතම මුද්‍රණ කඩදාසි වර්ග හා බෝඞ් වර්ග නිපදවා මෙරට කඩදාසි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් එසේම ජූලි 30 වැනිදා කොළඹ දී වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ටොන් තිහක ප්‍රථම කඩදාසි තොගය අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

Post Views: 9
Previous Post

සුවවූ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Next Post

ප්‍රාණ ඇපකරුවන් මුදවා ගන්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 ක් පත් කරයි

editor

editor

Next Post

ප්‍රාණ ඇපකරුවන් මුදවා ගන්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 ක් පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved