• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් අනාගතයට අවශ්‍යයි – ජනපති කියයි

25 September 2020
in දේශීය

ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් රටක භෞතික දියුණුවට සමගාමීව අනාගතයට දායාද කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීය.

ශ්‍රී ලංකාව ගුණ දහමින් පොහොසත් රටක් බවට පත්ව ඇත්තේ බුදු දහම ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් සෙසු ආගම් උගන්වන ආගමික සහජීවනය නිසා බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

දහම් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය ඔස්සේ සාරධර්ම හා ගුණධර්ම පිරි ගමන් මගකට ශක්තිමත් අඩිතාලමක් දැමිය හැකි බව ජනාධිපතිවරයා කියා සිටීයේය.

චිරාත් කාලයක් සාමකාමීව සහ සහජීවනයෙන් ජීවත් වූ ශ්‍රී ලාංකේය සමාජය තුළ අන්තවාදයෙන් තොර සැබෑ දහම් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම ආගමකම ලියාපදිංචි දහම්පාසල්වල අඩු පාඩු සම්පූර්ණ කිරීමටත්, නියාමනයටත් රාජ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම සිදු විය යුතුයැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දහම් පාසල් ගුරුවරුන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඔවුන් දිරි ගැන්වීමට කළ හැකි දේ සොයා බලා ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.

විශ්ව විද්‍යාලවලට සහ රැකියාවලට බඳවා ගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක් දීමේ හැකියාව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

පිරිවෙන් සහ දහම්පාසල් පෙළ පොත් නැවත සංස්කරණයේ අවශ්‍යතාව සහ පිරිවෙන් ගුරුවරුන් ලෙස සිටි පිරිස් මෙවර උපාධිධාරී රැකියා පත්වීම් ලබා ඇත්නම් ඔවුන් සේවය කළ පිරිවෙන්වලටම පත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.

භික්ෂුන් වහන්සේගේ ඉංග්‍රීසි, පරිගණක සහ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමට, පිරිවෙන් ගුරුවරුන්ගේ පත්වීම්, වැටුප් සහ දීමනා ගැටළු නිරාකරණයට සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පිරිවෙන්වලට සංවර්ධන නිලධාරියෙකු සහ සුළු සේවකයින් රැකියා ලක්ෂයේ සහ උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ යොමු කිරීමටත් අවධානය යොමු විය.

පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරමින් මහා සංඝරත්නය සහ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Post Views: 12
Previous Post

රජයේ නිල පුවත් SMS සේවාව යළි ජනගත කරයි

Next Post

මට ඕන එක මම අදිනවා – ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේදී සැර වෙයි

editor

editor

Next Post

මට ඕන එක මම අදිනවා - ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේදී සැර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved