27 April 2024
#දේශීය

ඇත්ත කියන අය දඩයම් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව විපක්ෂනායක කියයි

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිදුවීම ගැන ඇත්ත කියපු මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙලෙස ප්‍රශ්න කරමින් ආණ්ඩුව සැබෑ ප්‍රශ්න යට ගසන ව්‍යාපෘතියක නියැලී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (30) පෙරවරුවේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව මන්ත්‍රී සහ මාධ්‍ය ප්‍රකාශක මනුෂ නානායක්කාර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර ඒ මහතා සමඟ පැමිණි අවස්ථාවේදිය.

ජනතාවට ඇත්ත හෙලි කරන මාධ්‍යවේදීන්ව,පුවත්පත් කර්තෘවරුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ආණ්ඩුවක් මෙවැනි මහජන නියෝජිතයින්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට කටයුතු කිරීම පුදුමයක් නොවන බව හෙතෙම පැවසිය.

 

දත්ත මකාදැමීමේ සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පවසා සිටියේ,ජනතාවට එන්නත ලබාදීම,රටට අවශ්‍ය ඖෂධ ගෙන්වීම වැනි විද්‍යාත්මක කරුණු කාරණා ඉදිරිපත් කරන විට මිත්‍යාව පිටුපස දිවගිය ආණ්ඩුව අසත්‍ය සහ ප්‍රෝඩාව රට තුළ ප්‍රචලිත කළ බවයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වන්නේත් දත්ත මැකීමේ ක්‍රියාවලිය පිටුපස ඖෂධ මාෆියාව තිබෙන බව යැයි පැවසූ විපක්ෂනායකවරයා, ඔවුන් හෙළිදරව් කරන කාරණා අතිශය බරපතළ බව ද පැවසීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *