27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර ශක්තිමත් සහයෝගිතාවයක් තිබෙන බව අධිකරණ ඇමති පවසයි

ශ්‍රී ලංකාව හා පලස්තීනය දීර්ඝ කාලයක් තිස්සේ පවතින සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති DR. Zuhair M.H.Zaid, මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද (16) පෙරවරුවේ පැවැති අවස්ථාවේදිය.

එහිදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා සදහන් කළේ නව රජය විසින් අධිකරණ පද්ධතියේ සංවර්ධනයට නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවයි.

වත්මන් රජය විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කිරිමට බලාපොරොත්තු වන සංවර්ධන කටයුතු පිළිබදව ද අමාත්‍යවරයා විසින් තානාපතිවරයා දැනුවත් කළේය.

ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර පවතින සහයෝගිතාවය පිළිබදව සදහන් කළ තානාපතිවරයා සදහන් කළේ එම සහයෝගය ඉදිරියටත් ශක්තිමත්ව ලබා දෙන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *