• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාස්කු සතිය තුළ ආරක්‍ෂක විධිවිධාන තර කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය

3 April 2021
in දේශීය

ශුද්ධ වූ සතිය තුල සහ පාස්කු ඉරිදා දිනයේ රට තුළ ආරක්‍ෂාව තවදුරටත් තර කිරීමට පියවර ගෙන ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම වසරේ පාස්කු ඉරිදා දිනය 2021 අප්‍රේල් 04 වන දිනට යෙදී ඇති අතර 2019 දී පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට ලක්වුවන් සිහිකරමින් එය සමරනු ලැබේ.

මේ වන විටත් ආරක්‍ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසුවන අතර ශ්‍රී ලංකා පොලිසිය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව ත්‍රිවිධ හමුදාවට සියළු ආරක්‍ෂක විධිවිධාන යොදවන ලෙස උපදෙස්
ලබාදී තිබේ.

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීට සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට විශේෂිත උපදෙස් නිකුත් කර ඇති අතර මෙම කාල සීමාව තුල දැඩි අවධානයෙන් සිටින ලෙසත්, රට තුළ ආරක්‍ෂක විධිවිධාන තවදුරටත් තර කරන ලෙසත් තවදුරටත් උපදෙස් ලබා දී ඇත.

අන්තවාදය, ප්‍රචණ්ඩත්වය හෝ භීෂණය හා සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසත් එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත දැනුම් දෙන ලෙසත්, දේවස්ථාන විසින් පත්කරන ලද සෝදිසි කමිටු ඇතුළු බැතිමතුන්ගෙන් හා මහජනතාවගෙන් ආරක්ෂක අමාත්‍යංශය ඉල්ලා සිටී.

 

Post Views: 10
Previous Post

චීන, රුසියානු තානාපතිවරුන් විදේශ ඇමති අතර හමුවක්

Next Post

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ පුරප්පාඩු ගැන වැරදි මතයක් ප්‍රචාරණය වෙන්න බව අධිකරණ අමාත්‍යංශය පවසයි

editor

editor

Next Post

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ පුරප්පාඩු ගැන වැරදි මතයක් ප්‍රචාරණය වෙන්න බව අධිකරණ අමාත්‍යංශය පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved