27 April 2024
#දේශීය

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 608 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතව මෙරට මිය ගිය සංඛ්‍යාව 608 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.

අද දිනයේදී වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 04කි.

එලෙස මරණයට පත්ව ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහු පසුගිය 12 වනදා මිය ගොස් ඇත.

දෙවන මරණ ලෙස සඳහන් එල්ලක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය ඊයේ (14) දින මිය ගොස් ඇත.

කපුලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගල මරණය අද දින සිදුව ඇති අතර එය තෙවන මරණය ලෙස සඳහන් කර ඇත.

එසේම සිව්වන මරණය දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඊයේ (14) දින මිය ගොස් ඇති අතර ඔහු ලියුකේමියා තත්ත්වයේ සිටි අයෙක් බව සඳහන් කර ඇත.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *