• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාව බලය දුන්නේ රට එක නීතියක් යටතට ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් – ඇමැති විමල් කියයි

31 August 2020
in දේශීය

රට ආරක්ෂා කරන, එමෙන්ම රට එක නීතියක් යටතට රැගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර දෙනු ඇතැයි යන ඉමහත් විශ්වාසයෙන් යුතුව ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට 2/3ක බලයක් ලබා දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) පිළියන්දල, දම්පේ ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා ” ඒ විශ්වාසය තුළ තිබෙනවා, 2/3ක බලය නිවැරදිව යොදා ගනිමින් රට ස්ථාවර කරන ‐ රට එක නීතියක් යටතට ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෙවත් ‘මූලික නීතියක්’ හඳුන්වා දෙයි, කියලා. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එක් එක් ජාතිකත්වයන්ට, එක් එක් ප්‍රදේශයන්ට වෙන වෙනම නීති පැවැතීම නතර කර, මු`ඵ රටම එක නීතියක් යටතට රැගෙන ආ යුතුයි. එය අත්‍යවශ්‍යයි. එවැනි දැවැන්ත ජනතා බලාපොරොත්තුවක් 2/3ක බලයක් ලබා දීම පිටුපස තිබෙනවා. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පත මීළඟ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යතුමන් දැනුම් දී තිබෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර ඇති කොට තිබෙන වියවුල අපේ ආණ්ඩුවට නම් අදාළ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට හා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඒ අවුල අදාළ නැහැ. ඒ බල සාධක එකිනෙකා සමඟ හැප්පෙන්න යන්නේ නැහැ. ඒ නිසා මම නම් දකින්නේ අද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනවාට වඩා 2/3 ජනවරමේ ආනුභාවයෙන් 1978 සිට රෙපයාර් කරමින් එන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට රට ස්ථාවර කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවයි.

මෙම අවස්ථාවට ජානිපෙ කැස්බෑව ආසන සංවිධායක, නාගරික මන්ත්‍රී වන අතුල සේනානායක, නාගරික මන්ත්‍රී රංජිත් පත්මසිරි, බොරලැස්ගමුව නාගරික මන්ත්‍රී ජගත් කිත්සිරි යන මහත්වරු ද එක්ව සිටියා.

Post Views: 10
Previous Post

මානව සම්පත් සංවර්ධනයට චීන රජය සහය පල කරයි

Next Post

විසා නොමැතිව මෙරට රැඳී සිටි නයිජිරියානු ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

විසා නොමැතිව මෙරට රැඳී සිටි නයිජිරියානු ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved