• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති 7 වැනි ඉන්දීය සාගර සමුළුව අද අමතයි

9 February 2024
in දේශීය, පුවත්

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) පස්වරුවේ පර්ත් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේනදය කරයි.

ඉන්දියා පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්ව සිටින අතර හත්වැනි ඉන්දීය සාගර සමුළුව අද (09) සහ හෙට (10) ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වීමට නියමිතයි.

“ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපතිවරයා විසින් අද (09) සිදු කිරීමට නියමිතය.

මේ අතර ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ බටහිර ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් (Roger Cook) අතර හමුවක් ද ඉන්දීය සාගර සමුළුවට සමගාමීව අද (09) පර්ත් නුවරදී සිදු විය.

ශ්‍රී ලංකාව සහ බටහිර ඕස්ට්‍රේලියාව අතර පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රයන්ට අදාළ සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව සහ පර්ත් නුවර අතර සෘජු ගුවන් සේවා සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතා මෙහිදී සිය කැමැත්ත පළ කළේය.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පවතින විභවයන් පිළිබඳ විස්තර කරමින් ශ්‍රී ලංකාව සිය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳව කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා මෙම ක්ෂේත්‍රයේ ආයෝජන දිරිමත් කරන ලෙස බටහිර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනා කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව පවතින ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතාට ඇරයුම් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චින්තක මායාදුන්න, ඉෂාක් රහුමාන්, ජනාධිපති ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ රිෂාන් ද සිල්වා යන මහත්ම මහත්මීහු ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 8,799
Previous Post

අනුරගේ බොරු සමීක්ෂණයේ ඇත්ත ලඟදීම හෙළි කරනවා- තුෂාර ඉඳුනිල්

Next Post

යුක්‍රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලෙරිව ධුරයෙන් ඉවත් කරයි

editor ttvnews

editor ttvnews

Next Post
යුක්‍රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලෙරිව ධුරයෙන් ඉවත් කරයි

යුක්‍රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලෙරිව ධුරයෙන් ඉවත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved