• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති 7 වැනි ඉන්දීය සාගර සමුළුව අද අමතයි

9 February 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) පස්වරුවේ පර්ත් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේනදය කරයි.

ඉන්දියා පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්ව සිටින අතර හත්වැනි ඉන්දීය සාගර සමුළුව අද (09) සහ හෙට (10) ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වීමට නියමිතයි.

“ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපතිවරයා විසින් අද (09) සිදු කිරීමට නියමිතය.

මේ අතර ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ බටහිර ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් (Roger Cook) අතර හමුවක් ද ඉන්දීය සාගර සමුළුවට සමගාමීව අද (09) පර්ත් නුවරදී සිදු විය.

ශ්‍රී ලංකාව සහ බටහිර ඕස්ට්‍රේලියාව අතර පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රයන්ට අදාළ සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව සහ පර්ත් නුවර අතර සෘජු ගුවන් සේවා සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතා මෙහිදී සිය කැමැත්ත පළ කළේය.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පවතින විභවයන් පිළිබඳ විස්තර කරමින් ශ්‍රී ලංකාව සිය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳව කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා මෙම ක්ෂේත්‍රයේ ආයෝජන දිරිමත් කරන ලෙස බටහිර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනා කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව පවතින ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතාට ඇරයුම් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චින්තක මායාදුන්න, ඉෂාක් රහුමාන්, ජනාධිපති ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ රිෂාන් ද සිල්වා යන මහත්ම මහත්මීහු ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 8,783
Previous Post

අනුරගේ බොරු සමීක්ෂණයේ ඇත්ත ලඟදීම හෙළි කරනවා- තුෂාර ඉඳුනිල්

Next Post

යුක්‍රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලෙරිව ධුරයෙන් ඉවත් කරයි

editor ttvnews

editor ttvnews

Next Post
යුක්‍රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලෙරිව ධුරයෙන් ඉවත් කරයි

යුක්‍රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලෙරිව ධුරයෙන් ඉවත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
සේවකයන් අසරණ කරමින් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දමලා

සේවකයන් අසරණ කරමින් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දමලා

21 May 2025
ලංකා විදුලිබල මණ්ඩලය ගැන විශේෂ නිවේදනයක්

ලංකා විදුලිබල මණ්ඩලය ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

රජයේ ආයතනවල දූෂණය මඩින්න ජනපතිගෙන් අලුත් වැඩක්

21 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
සේවකයන් අසරණ කරමින් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දමලා

සේවකයන් අසරණ කරමින් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දමලා

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved