27 April 2024
#දේශීය #පුවත්

ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්

වහල් දේශපාලනය තුළ ජනාධිපතිගේ අගමැතිගේ වහලුන් ලෙස කටයුතු කර මාර්ගත ආරක්ෂාව පිළිබඳ පනත විනාශ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (23) සක්වල වැඩසටහනේ 72 වැනි අදියර යටතේ මාලිගාවත්ත ධාරුස්සලාම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගත ආරක්ෂාව පිළිබඳ පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් වූ බවත් එම සාකච්ඡාවට පෙර පාර්ලිමේන්තු ක්‍රමයට අනුව ආංශික අධික්ෂණ කාරක සභාව තුළ මෙම පනත සහ එහි සංශෝධන සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් විය යුතු වුවත් ආංශික අධීක්ෂණ කාරක සභාව සහ එහි නිලධාරීන් එම වාර්තාව වාක්‍ය 6-7කට සීමා කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඔවුන් සිතාගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින්නේ මෝඩයන් 225 දෙනකු බවත් එම නිසා එවැනි වටිනාකමක් නොමැති වාක්‍ය 6-7ක වාර්තාවක් සකස් කර ඇති බවත් එම වාර්තාවෙන් පැහැදිලි වන්නේ අපේ රටේ ව්‍යවස්ථාදායකය තුළ නිර්මාණය වන වාර්තා අවබෝධයකින් දැනුමෙන් කුසලතාවෙන් අධ්‍යාපනයෙන් තොරව ක්‍රියාත්මක වනත් ලක්ෂ 220කගේ බදු මුදලින් යැපෙන රටේ තාවකාලික බාරකරුවන් ලෙස කටයුතු කරන 225 දෙනා සිටින ආයතනය තුළ නිර්මාණය වන මෙම ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව තුළින් රටක් ලෙස අප සිටින තැන පැහැදිලිව වන බව හෙතෙම අවධාරණය කළේය.

එම වාර්තාව විදේශීය දියුණු රටවල පුද්ගලයෝ කියවා බැලුවොත් ඔවුන්ට කියන්න ඇත්තේ what a bunch of fools parliament in sri lanka යනුවෙන් බවත් මෙහි කිසිදු විශ්ලේෂණයක් ගවේෂණයක් නොමැති බවත් වහල් දේශපාලනය තුළ ජනාධිපතිගේ අගමැතිගේ වහලුන් ලෙස කටයුතු කර වැදගත් පනතක් විනාශ කර ඇති බවත් ඒ තුළින් රටේ අධ්‍යාපනය පාර්ලිමේන්තුවට කෙතරම් දුරට බලපෑමක් සිදු කර ඇත්ද කියා සිතෙන බවත් ඒ තුළින් ලක්ෂ 220 වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා අයගේ සාක්ෂරතාව සම්බන්ධයෙන් ද අවබෝධයක් ලබා ගත හැකි බව ඔහු කියා සිටියේය.

පාලකයෝ නිර්මාණය කළ බංකොලොත්භාවය තුළ රටේ පුරවැසියන්, දරුවන්ට, මව්වරුන්ට අභියෝග රැසක් එල්ල වී ඇති මොහොතක වියදම් අහස උසට නැගී ඇති මොහොතක දුෂ්කරතා මධ්‍යයේ දෙමාපියන් දරුවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන බවත් දරුවන් ශ්‍රේෂ්ඨයෙක් විශිෂ්ටයෙක් බවට පත් කරන විශාල වෙහෙසක් දරන බවත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන කැපකිරිම ආයෝජනය අනාගතයේදී සොරාගත නොහැකි සම්පතක් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *