8 September 2024
#දේශීය

රාජපක්ෂලා තුන්දෙනාට ජනාධිපති වෙන්න බෑ

මේ වන විට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා කරන නමුත් බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන තුන් දෙනාටම නීතියට අනුව ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර මිහින්තලා ආසන බල මණ්ඩලය අමතමින්,

එහිදී අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් තියෙන හයිය තමයි අපි ජනාධිපතිවරයෙක් සිටින පක්ෂය, ඒ වගේම මෑත ඉතිහාසයේ ඉඳන් බැලුවම ජනාධිපතිවරයෙක් බවට පත් වුණ සෑම කෙනාම දෙවතාවක් ජනාධිපතිකම් කරලා තියෙනවා. චන්ද්‍රිකා මැතිණිය, මහින්ද මහත්තයා කියන දෙන්නාම දෙවතාවක් ජනාධිපතිකම කරලා තියෙනවා.එහෙම නම් අපි ඉතාම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් වෙලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් දෙවැනි වරටත් මේ රටේ ජනාධිපති ලෙස පත් කරනවා. ඉදිරියේ එන්නේ මොන මැතිවරණයක්ද, ඒ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව මුහුණ දෙන්න සූදානම්.නැවත වතාවක් අපෙන් ගිලිහුණ සියළු කණ්ඩායම්, ඈත් වුණ සියළු බලවේගයන්, ගමේ නැතිවුණ හිතවත්කම් නැවත ඇති කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන අලුත් ගමනක් වෙනුවෙන් අපි සූදානම් යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *