• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැඩවර්ජනය කිසිදු සාධාරණක් නෑ -ඇමැති රාජිත

3 August 2018
in දේශීය

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (03 ) දින පවත්වන වැඩවර්ජනය මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යවන සුළු හේතු පාඨ දක්වමින් සිදු කරනු ලබන වැඩ වර්ජනයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම වැඩවර්ජනයට එක් හේතුවක් ලෙස ඔවුන් දක්වා ඇත්තේ වෛද්‍යවරුන් වෙත පනවා සියයට 12 ක්ව පැවැති වැට් බද්ද සියයට 24 දක්වා වැඩි කර ඇති බවයි. නමුත් වැට් බද්ද සියයට 24 දක්වා අයකර ගනු ලබන්නේ මාසිකව රුපියල් 350,000 කට වඩා ආදායමක් ලබන වෛද්‍යවරුන්ගෙන් වන අතර, මාසික ආදායම රුපියල් 350,000 අඩු ආදායම් සහිත වෛද්‍යවරුන්ගෙන් අයකරගනු ලබන්නේ පෙර පැවැති සියයට 12 ක බද්ද පමණකි. සමස්ත වෛද්‍යවරුන්ගෙන්ම සියයට 24 ක වැට් බද්දක් අය කරනු ලබන බව සාවද්‍ය ප්‍රකාශයක් බව අමාත්‍යවරයා කියා සිටියේය.

අනෙක් හේතු ලෙස ඔවුන් දක්වන්නේ පෞද්ගලික රෝහල් සදහා පනවා ඇති සියයට 15 ක වැට් බද්ද හේතුවෙන් ජනතාව මත බදු බර පැටවෙන බවයි. නමුත් පසුගිය මාසයේ සිට පෞද්ගලික රෝහල් සදහා පනවා ඇති වැට් බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කර ඇත. මෙසේ පෞද්ගලික රෝහල් සදහා වූ වැට් බද්ද ඉවත් කර ඇති බව සෞඛ්‍ය සේවාවේ ප්‍රමුඛ වෘත්තීය සමිතියක් නොදැන සිටීම කණගාටුවට කරුණකි. පෞද්ගලික රෝහල් මත පනවා ඇති වැට් බද්ද සම්පුර්ණයෙන්ම මෙම රජය විසින් ඉවත් කර ඇති නිසා කිසිදු ආකාරයකට රෝගීන්ගෙන් බදු අය නොකරන බව මතක් කර දිය යුතුය. එම නිසා මෙම වැඩවර්ජනය කිසිදු ආකාරයක ජනතාව ගැන සිතා කරන සාධාරණ වර්ජනයක් නොවන බව දක්වනු කැමැත්තෙමි.

ඉදිරියේදී රජය සාමාන්‍ය ජනතාව මත බලපාන වක්‍ර බදු ඉවත් කිරිමට ද තීරණය කර ඇත. මෙසේ සාමාන්‍ය ජනතාවට බලපාන වක්‍ර බදු ඉවත් කරන්නේ අධි ආදායම්ලාභීන්ගෙන් බදු අයකර ගනිමින් බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පවසයි.

Post Views: 11
Previous Post

විදුලි පුටුව, විදේශිය විනිශ්චකරුවන් නැවැත්තුවේ අපියි

Next Post

OPPO හවුල්කරුවන්ට විශේෂ විදේශ සංචාරයක්

editor

editor

Next Post

OPPO හවුල්කරුවන්ට විශේෂ විදේශ සංචාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved