• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අරගලය තියෙන්නේ ගෝල්ෆේස් එකේ විතරක් නෙමෙයි – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර

21 June 2022
in දේශීය

අරගලය තියෙන්නේ ගෝල්ෆේස් පිට්ටනියේ පමණක් නොවන අරගලය පවතින්නේ ජනතාවගේ හදවතේ බව නාට්‍යවේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (21) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ජන නියමු කලාකරුවෝ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක මහතා ” මේ මොහොතේ කලාකරුවෝ පවා අත්අඩංගුවට ගැනීමට රනිල් සහ ගෝටාගේ ආණ්ඩුව ක්‍රියාකරමින් ඉන්නවා. අරගලය තියෙන්නේ ගෝල්ෆේස් පිට්ටනියේ විතරයි කියලා ඔවුන් හිතනවා නම්, බරපතළ වරද්දා ගැනීමක්. මේ වන විට අරගලය පවතින්නේ ජනතාවගේ හදවතේ. ජනතාවගේ මුළු ශරීරයේම. ලංකාව හැම පැත්තෙන්ම කඩා වැටිලා තියෙන්නේ. විශේෂයෙන් අධ්‍යාපනය ගත්තොත් පසුගිය අවුරුදු තුනටම පාසල් පවත්වා තිබෙන්නේ මාස තුනක වගේ කාලයක්. ඒ තරමට පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් කඩාකප්පල් වෙලා තිබෙන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ඉතාම බරපතළ අනතුරක තිබෙන්නේ. ගෝඨාභය – රනිල්ගේ ආණ්ඩුව ගෝඨාගෝගම මර්දනය කිරීමෙන් අරගලය නවත්වන්න හිතනවා නම්, එය කවදාවත් කරන්න බැහැ. පේදුරුතුඩුවේ ඉඳලා දෙවුන්දරතුඩුව දක්වා සෑම තැනකම මිනිස්සු ජීවත් වන්නේ ඉතාම අසීරුවෙන්. අපිට අහන්නට ලැබෙන්නේ ඉතාම ශෝකීජනක සිදුවීම්. තම දරුවන්ට කන්න දෙන්න විදිහක් නැතිව අම්මලා ඒ දරුවන්ව ගඟට දානවා. මේ තරම් පීඩාවට පත්වුණු ජනතාවක් ඉන්නේ. ඔවුන් ඉල්ලා සිටින දෙයක් තිබෙනවා. ගෝටා ගෝ හෝම් කියන්නේත් රනිල් ගෝ හෝම් කියන්නේත් ඒ ඉල්ලීමයි. ඒ විතරක් නොවෙයි සියලු මැර කණ්ඩායම්, හොර කණ්ඩායම් ගෙදර යැවීමෙන් තොරව මේ විනාශකාරී ක්‍රමය නතර කරන්න බැහැ. ජනතාව තේරුම්ගත යුත්තේ පෝලිම්වල දිගු කාලයක් ඔවුන්ව රැඳවීමෙන් ඇතිවන මානසික ආතතිය මත ඔවුනොවුන් සමග ගැටීම් ඇතිකර ගැනීමට ආණ්ඩුව සලස්වා ඇති බවයි. මේ දක්වා පවතින අරගලය ඉතාම සාමකාමීව කරගෙන යනවා. ගෝටාගෝගම හෝ වෙනත් එවැනි අරගලවලදී මිනිස්සු ගල් කැටයක්වත් අතින් අරගෙන නැහැ. ඔවුන්ට විරුද්ධව ඉතා ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරයක් ගෝටාගේ සහ රනිල්ගේ පොලිසිය දක්වමින් ඉන්නවා. තෙල් පෝලිමේ ජනතාවගේ පපුවට පිස්තෝලය තියලා නිහඬ කරන්න උත්සාහ කරනවා. ගෝටාගෝගමදී සමහර තරුණයන් අත්අඩංගුවට ගැනීමේ පොලිසියේ හැසිරීම අපි දැක්කා. ඉතාම මර්දනකාරී, ප්‍රචණ්ඩකාරී ආකාරයෙන් ඒ දේවල් කළේ. මේවා නිසා අරගලය දවසින් දවස ශක්තිමත් වෙනවා. ඒ නිසා ඔයගොල්ලොත් ගෙදර යන්න කියලයි අපි කියන්නේ. ජනතාවට තමන් කැමති පාලනයක් පිහිටුවා ගන්න අවකාශය සකස් කර දෙන්න කියලයි අපි කියන්නේ. එසේ නොකර මේ තත්වය නවත්වන්න මර්දනය ගෙනත් වැඩක් නැහැ. ඒ නිසා ගෝටාභය – රනිල් වහාම ගෙදර ගිහින් මහා මැතිවරණයක් පැවැත්වීමට අවකාශයක් ලබාදෙන්න කියලා බලකරනවා. ජනතාවගේ ඉවසීමේ සීමාවක් එනවා. ඒ සීමාව වටහා නොගත්තොත් රනිල්-ගෝටා හොර මැර නඩයම වරද්දා ගත්තා වෙනවා යැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

Post Views: 14
Previous Post

අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි කර මගහැරෙනු පාඩම්වලට වැඩි ඉඩක් – ඇමැති සුසිල්

Next Post

මෙරට සහල් දෙන බව චිනය කියයි

editor

editor

Next Post

මෙරට සහල් දෙන බව චිනය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved