• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම ඉහළට

8 May 2021
in දේශීය

නව බදු සංශෝධනය සමඟ මුදල් අමාත්‍යංශය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙම වසරේ පළමු මාස ත්‍රිත්වය සඳහා ලබාදුන් බදු ආදායම් ඉලක්කය වන රුපියල් මි.575.5කින් 98% ක් මේ වන විට සපුරා ඇතැයි පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා‍ගේ සභාපතීත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේදී අනාවරණය විය.

පාර්ලිමේන්තුව වෙත කැඳවා තිබුණු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෝලීය කොවිඩ් අර්බුදය හමුවේ සිය ඉලක්ක සම්පූර්ණ කිරීම අගය කළ රජයේ මුදල් පිළිබඳව කාරක සභාව විසින් මෙරට බදු ගෙවන්නන් සංඛ්‍යාත්මකව වැඩි කරගතයුතු බවද මෙහිදී අවධාරණය කරන ලදි.

මේ පිළිබඳව අවධානයට ගැනුණේ, 2018 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත සඳහා හඳුන්වා දෙන ලද සං‍ශෝධන රැසක් රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේදීය. වසර 05 ක් සඳහා හඳුන්වා දුන් එම නව බදු සංශෝධන අනුව බදු ගෙවිය යුතු තනි පුද්ගලයකුගේ ආදායම් සීමාව රුපියල් ලක්ෂ 05 සිට මිලියන 03 ක් දක්වා ඉහළ නංවා ඇත.

එසේම, ජාතිය ගොඩනැගීමේ බද්ද වැනි සමහර බදුවලින් බදු ගෙවන්නන් සම්පූර්ණයෙන් නිදහස් කිරීමද මෙම අනුමත නව බදු සංශෝධනවල විශේෂත්වයකි. රජයේ මුදල් පිළිබඳව කාරක සභාව ඒ අවස්ථාවේදී පෙන්වාදුන්නේ නිලධාරීන් පවසන ලෙස අය නොවන බදු ආදායම් ඉතුරු කිරීම් ලෙස පරිවර්තනය වීමට හැකියාවක් තිබුණද එයින් දිරිගැන්වීම‍ට ලක්වෙන අංශ සහ කර්මාන්ත සම්බන්ධව දෙපාර්තමේන්තුව අවධානයෙන් සිටිය යුතු බවයි.

දේශිය කර්මාන්ත සහ ආයෝජන වැඩිදියුණු කිරීමට මෙන්ම චිත්‍රපට සංස්ථාව වැනි ආයතනවල ඩිජිටල්කරණය සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දක්වන උනන්දුව අගයන බවද මෙම අවස්ථාවේදී රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා‍ විශේෂයෙන් පැවසීය.

පාර්ලිමේන්තුවේ දී පැවති රජයේ මුදල් කාරක සභාව සඳහා එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා , රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, , රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍ය සරත් වීරසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ප්‍රනාන්දු සහභාගී වූ අතර සහ සභාපතිතුමාගේ අවසරය මත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් යන මහතා ද සහභාගි විය.

 

Post Views: 21
Previous Post

ග්‍රාම නිලධාරි වසම් 21 අලුතින් හුදෙකලා කෙරේ..

Next Post

කොවිඩ් රෝගීන්ට ඇමැති නාමල්ගෙන් ඇඳන් 10,000 ක්

editor

editor

Next Post

කොවිඩ් රෝගීන්ට ඇමැති නාමල්ගෙන් ඇඳන් 10,000 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved